Social Icons

Saturday, April 21, 2012

හිස් බව



ශීර්ෂයට ඇති
එකම සෙවන
තම අත බව
වැටහුනේ
ලෙඩ ඇදේ ඉන්නාවිට



වතේ දූලි කැබැල්ලත්
ඇස් අග කබ කැබැල්ලත්
මුව අග ඉදුලුත්
මටම හිනැහෙනවා
උනුත්...



ඉදහිට හමන සුළගත්
අද ගෙනෙන්නේ
මූසල පුසුඹක්..
තටුවක් කැඩුණ සමනලයෙක්
උරයි රොන්
ප්ලාස්ටික් මලකින්


වෙනදා සුව ගෙනාව
මදුරු දැලද
හිසරදයක්,
රැහැයියන්ගේ විලාපය
උන්නම්
ගාන්ධරවයින්


ඉදහිට වැටෙන වැස්ස
මවයි දුරාතීතය
ඇස් කෙවෙනි යට,
බෙලි කටුවක හිස් "හෝ" හඩ
රැව් නැගෙයි මා තුළ
ඇති හිස් බව...


(සත්‍ය සිදුවීමක් ඇසුරෙන්)
- නිරෝෂ් මෛති‍්‍ර -

1 comment:

  1. ගොඩක් වෙලාවට......
    නිතරම නෙමේයි.

    ReplyDelete

 

Sample text

Sample Text