Social Icons

Showing posts with label ඇස් කතා කරනවා. Show all posts
Showing posts with label ඇස් කතා කරනවා. Show all posts

Tuesday, October 2, 2012

ඔහු හා ඇය




ඔහු

* පත්තරේකට නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට ලිව්වා.
* අප‍්‍රසිද්ධ සමාජවාදී කල්ලියකට සම්බන්ධ වෙලා හිටියා.
* නිතර දේශපලනික පොත් බැලුවා.
* කාර්යාලයේදීත් කියෙව්වෙ ආණ්ඩුව විවේචනය කරලා තියෙන වෙබ් පිටු, බ්ලොග් පිටු.
* දවසකට දුම්වැටි දෙකක්වත් ඉරුවා.
* ලස්සන නිසදැස් ලිව්වා.
* ඒවයෙනුත් ගොඩක් ඒවා හරි බරයි.
* ඒ වගේම ඔහු රණ්ඩුවටත් බරයි.


ඇය

* ලස්සන ඇදුම් ඇන්දා.
* උදේට දැක්කම පන්සලක් දැක්කා වගේ හිතම පිරෙනවා.
* ප‍්‍රවෘත්ති කාමරේ වැඩි බරක් ඇද්දත් ඇය කවදාවත් දේශපාලනය ගැන කතා කරන්න ආසා උනේ නැහැ.
* ඉඩක් ලැබුන හැටියෙ සින්දු ඇහුවා.
* ඔන්ලයින් ගේම් ප්ලේ කලා.
* කොණ්ඩ මෝස්තර දාන හැටි යූ ටියුබ් එකෙන් බලාගත්ත අතේ බලන් හිටියා.
* කාර්යාලය දෙක වෙන්න හයියෙන් හිනා උනා.
* කන්න කැමති උනේ 'ටිපි ටිප්' වගේ පොඩිඋන් කන්න කැමති කෑම.


හැබැයි ඇය ඔහුට ගොඩක් ආදරේ කලා. හිතාගන්නවත් බැරි තරමට.
ඒ වෙනදෙයක් නිසා නෙවෙයි, ඔහුගෙ බරයි කියලා පෙන්නන ජීවිතය යට ඉන්නෙ ඇයටත් වඩා කුඩා දරුවෙක් බව ඇය හොදාකාරවම දැනන් හිටිය නිසා...


- නිරෝෂ් මෛති‍්‍ර -
2012-10-02


Tuesday, May 8, 2012

බයයි - බදින්න වෙන ගෑණි ගැන


ඉරේෂා call කලාද?
- ඔය ගත්තෙ දැන් ටිකකට කලින්..
 මොකද බං ඕනවට එපාවට වගේ ?
- අනේ බං දැන් කතා කලත් එකයි, නැතත් එකයි..
ඇයි ඒ ?
- ඒකි නොගත්තොත් චතුරි ගන්නවා, දෙන්නම නොගත්තොත් නිකං ඉන්නවා..
උඹ මාර පොරක්නෙ !
- මාර තමයි බං. මොකා එක්ක හිටියත් ඉස්සර වගේ Love Feelings දැන් එන්නෑ බං.
ඇයි ඒ ?
- බොක්කෙන්ම Love කරපු එකී දාලා ගියාට පස්සෙ දකින දකින කොයි වත්තට හරි පැනලා උලා කෑවා මිසක්, සිරා වෙන්න හිතෙන්නෙම නෑ බං.

හ්ම්..
- ඒත් මට බයයි බං..
ඒ මොකෝ ?
- මෙහෙම තිරිසන් වෙලා ආයෙ මොකෙක් ගැනවත් ඇත්තට ආදරයක් නොදැනෙයි කියලා..
ආ.. දැන් ඒකද උඹට තියෙන බය ?
- බය මං ගැන නෙවෙයි මචං..
එහෙනම් ?
- මම හොයාගත්තෙ නැතත් ගෙදරින් හරි හොයලා බන්දලා දෙන ගෑණි ගැන..



- නිරෝෂ් මෛති‍්‍ර -
    2012/05/08 



Saturday, April 21, 2012

සමාවෙන්න





සමාවෙන්න මට !
- මට දැන්  ඕක කියන්න එපා..
ඇයි ඒ ?
- ඔයා  ඕක කියලා කියලාම සමාවෙන්න කියන වචනෙත් බාල්දුකරලා තියෙන්නෙ.
එහෙනම් මම මොකක්ද කියන්න  ඕනෙ ?
- සමාවක් ඉල්ලන්න  ඕන වෙන්නෙ නැති තැනට වැඩ කරන්න.
හරි මම මීට පස්සෙ එහෙම කරන්නම්.
- කී දවසකටද ?
හ්ම්ම්...
- උත්තරයක් දෙන්න බැහැ නේද ?
ම්ම්ම්...
- කමක් නැහැ ඔයා දිගටම සමාව ඉල්ලන්න.
ඇයි ඒ ? මාත් එක්ක තරහින් නේද ?
- නැහැ හොද මිනිස්සු කියන්නෙ වැරදි නොකරන අයට නෙවෙයි, වැරදි හදාගත්ත අයට.
ඔයාට හොද අවබෝධයක් තියෙනවා.
- ඔයාගෙන්ම තමයි ඒක ලැබුනෙ...


  - නිරෝෂ් මෛති‍්‍ර -

 

Sample text

Sample Text