Social Icons

Tuesday, October 2, 2012

ඔහු හා ඇය




ඔහු

* පත්තරේකට නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට ලිව්වා.
* අප‍්‍රසිද්ධ සමාජවාදී කල්ලියකට සම්බන්ධ වෙලා හිටියා.
* නිතර දේශපලනික පොත් බැලුවා.
* කාර්යාලයේදීත් කියෙව්වෙ ආණ්ඩුව විවේචනය කරලා තියෙන වෙබ් පිටු, බ්ලොග් පිටු.
* දවසකට දුම්වැටි දෙකක්වත් ඉරුවා.
* ලස්සන නිසදැස් ලිව්වා.
* ඒවයෙනුත් ගොඩක් ඒවා හරි බරයි.
* ඒ වගේම ඔහු රණ්ඩුවටත් බරයි.


ඇය

* ලස්සන ඇදුම් ඇන්දා.
* උදේට දැක්කම පන්සලක් දැක්කා වගේ හිතම පිරෙනවා.
* ප‍්‍රවෘත්ති කාමරේ වැඩි බරක් ඇද්දත් ඇය කවදාවත් දේශපාලනය ගැන කතා කරන්න ආසා උනේ නැහැ.
* ඉඩක් ලැබුන හැටියෙ සින්දු ඇහුවා.
* ඔන්ලයින් ගේම් ප්ලේ කලා.
* කොණ්ඩ මෝස්තර දාන හැටි යූ ටියුබ් එකෙන් බලාගත්ත අතේ බලන් හිටියා.
* කාර්යාලය දෙක වෙන්න හයියෙන් හිනා උනා.
* කන්න කැමති උනේ 'ටිපි ටිප්' වගේ පොඩිඋන් කන්න කැමති කෑම.


හැබැයි ඇය ඔහුට ගොඩක් ආදරේ කලා. හිතාගන්නවත් බැරි තරමට.
ඒ වෙනදෙයක් නිසා නෙවෙයි, ඔහුගෙ බරයි කියලා පෙන්නන ජීවිතය යට ඉන්නෙ ඇයටත් වඩා කුඩා දරුවෙක් බව ඇය හොදාකාරවම දැනන් හිටිය නිසා...


- නිරෝෂ් මෛති‍්‍ර -
2012-10-02


17 comments:

  1. හ්ම්ම් මගේ කතාවමයි :))))

    මම ආදරේ කරන්නේ රස්තියාදුකාරයෙක් , හොරෙක් මංකොල්ලකාරයෙක් කියලා දැක්කොත් හිතන තරමට එත් පොළොවේ පයගහල ඉන්න අහිංසක මිනිසෙක්ට

    ReplyDelete
  2. ඇඟම සිතල වෙලා ගියා....................
    මට ලගම කතාවක් වගේ දැනුන නිසාද මන්ද..
    දැනෙන්න ලියන පෝස්ට් අඩු කාලෙ ඇඟටම දැනුන ලියවිල්ලක්.
    ජයම වේවා! :)

    ReplyDelete
  3. මැක්සා අයිඩියා එල ඈ... සුපර් :D

    ReplyDelete
  4. mmmmm harima sanwedi kathawak yalu

    ReplyDelete
  5. ඔහු ගැන කියැවෙන කෑල්ල මට බොහොම සමීපයි. ඇයව නම් මට අදාල නැත.ඒත් දෙක බොහොම ලස්සනට ගලපලා තියනවා.එබට ජය
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
  6. මේක නම් නියමයි. සැහෙන්න හිතට වැදුනා. හැබැයි මට මේක බලපාන්නෙ අනික් පැත්තට :)

    ReplyDelete
  7. @ හිරුහිමාවී -
    Thankx ඔයාගෙ Comment එකට. මේ Post එකට මට හොදම comment එක ලැබුනෙ ඔයාගෙන්.
    :)

    ReplyDelete
  8. @ Naleen Dilruksha -
    Thankx ඔයාගෙ comment එකට සහ ඔයාගෙ බ්ලොග් එකත් නියමයි.
    මේ දවස් ටිකේ ඉහටත් උඩින් වැඩ. ඒනිසා මම නිවාඩු පාඩුවේ ඒක බලන්නම්.
    :)

    ReplyDelete
  9. @ සිහින මදාරා, උමා, මචං මැක්ස්, වර්ණා ඔයාලටත් ස්තූතියි වෙන්න ඕනෙ අදහස් වලට...
    :)

    ReplyDelete
  10. සිරා පෝස්ට් එකක්..
    ජයවේවා!!!!!!!

    ReplyDelete
  11. @ SL Photo Gallery, තරියා අබේ -
    Thankx Machanlaaa...
    :)

    ReplyDelete
  12. ෆට්ටා මචං, මචං ඔය කෙල්ල කරන ඔක්කොම හරි එත් මං හිතන්නෙ නැහැ දැන් කලේ ගොඩක් කෙල්ලන්ට අමරුයි "ඔහුගෙ බරයි කියලා පෙන්නන ජීවිතය යට ඉන්නෙ ඇයටත් වඩා කුඩා දරුවෙක් බව ඇය හොදාකාරවම දැනන් හිටිය" ඔය දේ තෙරුම් ගන්න.
    මං දැකලා තියෙන්නෙ bf love කරන නමුත් bf තෙරුම් නොගන්නා කෙල්ලෝ තමයි.

    ReplyDelete
  13. නැහැ සගා එහෙම අයත් ඉන්නවා.
    කොහොම උනත් Thankx Comment එකට...

    ReplyDelete
  14. Ohutath ayatath adesha wunu sajeewee charitha magema ewun nisa, mata danenne saakki kaarayekta danena pasuthawillak :(

    ReplyDelete
  15. දමන්නට මගේ අදහසත් .........
    සිතුව මුත් මා දුටු දෙයින් ....
    බොහෝ අය දුන් අගය කියවා....
    රකිමි මුනිවත මේ ලෙසින්....

    ReplyDelete

 

Sample text

Sample Text