Social Icons

Showing posts with label නිසදැස්. Show all posts
Showing posts with label නිසදැස්. Show all posts

Sunday, October 6, 2013

වළලන කවි



වැසීගිය සද
ලියූ ක
වි පද
නොපෙ
නී
ගි
දාක
වළ
දාමි,
අප ඇවි

ගි
මඟ
එකි
න් 
...


- නිරෝෂ් මෛති‍්‍ර -
2013/10/07



Monday, September 23, 2013

දෙවැනි පෙම්වතෙකුවී ඉපිද..



පැහැබර දිනයක
අරුණළු අරගෙන
ඔබ එන මඟ
නෙත් විදහා සිටියත්
ඔබ එන්නේ
ඔහු සමගින්දැයි සිත
විදවනවා
අපමණ දුක්
දහසක්...


නද දෙන හැමවිට
හා කෙටි පණිවිඩ
ඔහුගෙන් දැයි
විදවන්නේ
තුන්හිත...


ඉඩලද හැමවිට
ඔබදෙස බලමින්
තුන්හිත උතුරණ
ආදර හැඟුමන්
දිනයක අවසන
සැන්දෑ යාමෙක
ඔබ එනතුරු ඔහු
වැඩපල අභියස...



- නිරෝෂ් මෛති‍්‍ර -
2013/09/23


Monday, September 16, 2013

ඔබෙයි මගෙයි තීරණය

ඔබ 

තීරණය කරලා 


ජීවත් වෙන්න


මම නැතුව...


මමත් 


තීරණය කලා 


ජීවත් වෙන්න 


මම නැතුව..



- නිරෝෂ් මෛති‍්‍ර -
2013-09-16


Saturday, September 14, 2013

ලේ



නරක්
නොකරන්නැයි
ඉල්ලුවා
ඔබේ ලේ,
මම ඔබේ ලේ
වන නිසාම..
නරක් කරන්නට හෝ
නොකරන්නට
මම තවමත්
ඔබේ
ලේ ද?
 


- නිරෝෂ් මෛති‍්‍ර -
2013-09-14



Tuesday, September 3, 2013

(අ)කැමතිම ගීතය



ඔයා 

ආසම

ගයන්න

අකමැති

ගීතය

මම... 


 නිරෝෂ් මෛති‍්‍ර 
- 2013/09/03 -


Saturday, December 15, 2012

හිතුවේ නැහැ මං




අප ආ ගිය මග
ආයෙත් සැරයක්
පුරුදු සිනාවෙන්
කෙදිනක හෝ යළි
යන්න ලැබේ යැයි
සිතුවේ නැහැ මං...


බිදක් තරම්වත්
වෙනස් නොවී ඇති
ආදර ඔබෙ වත
හුස්ම පොදක
පමණක් කෙටි දුරකින්
කෙදිනකවත් යළි
දකින්න වේ යැයි
සිතුවේ නැහැ මං...


නැවතත්
ජීවත් වෙනවා මෙන්
මම
දැනුනෙ පින්බර
සිනාවකින්...
මියැදී තිබු හිත 
පුබුදු වුනේ ඔබේ 
දෑතේ පැටලුනු 
මගෙ දෑතින්...


- නිරෝෂ් මෛති‍්‍ර -
   2012/12/15



Sunday, October 7, 2012

ඇවිදින මළකඳ




මෙච්චර සතුටු වෙන්න
දේවල් තියෙද්දිත්,
සතුටක්,
නොදැනෙන හැටි...
දුක් වෙන්න
ඇති තරම් දේවල්
ඇගේ හැපි හැපි යද්දිත්
දුකක්
නොදැනෙන හැටි...
මම හිතන්නෙ
ඔයාව
වළලපු දවසේ
මාත්
මැරෙන්නැති...

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/10/07

Wednesday, June 6, 2012

අළුකල පෙම



සැළමුතු පෙමක
කෙළවර ඔබ
සිටියා ගව්
සියයක් දුරින්...
අළුකල පෙමක
සුන්බුන් රැගෙන
දුවයි සිත තවම
ඔබ යනෙන
මාවතේ...


පෙරදිනෙක මා හට
කිසිත් නැති දිනෙක
ඔබ ළඟින් උන්නා
බෝ සෙනෙහසින්...
ලෝකයම දිනා මම
අද හැරී බලන විට
ඔබේ සේයාවවත්
නොමැතිවිය
මා ළඟින්...


හිස් හැඟීම්
පිරුණු සිත
පොඩිකරන්
තෙරමින්
පීදෙනා මල් හැඟුම්
මගෙ පයට
පාගමින්
ජීවිතය ගෙවන්නම්
ඔබ තිළිණ කල
මළකදද සමග...


- නිරෝෂ් මෛති‍්‍ර -
2012/06/07

Friday, May 18, 2012

ඓශ්චර්ය විදිමින්..



හෙට සැමරේවි
තවත් එක් දිනක්
උඹලාව
විකුණන් කන..
ලගින්නට වේවි
ගිණි අවුවෙ,
උන් ඉද්දි
ටෙන්ට් යට...

රටක් රැකි විරුවන්
අද නිදන් හොරුන්
ඔබ පිදු දෑතින්
ගසති අපම
පොල්...

එදා දෙමළාට දිග්වූ
කටපුච්චා..
අද සිහළ බෞද්ධයාට..
ඒ විතරක්ද,
දේශපේ‍්‍රමියාටත්..

එකම මවකගෙ
දරුවන් මරා,
අපි දිනූ කිරුළ
ඇස්පනා පිටය..

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/05/18

Thursday, May 3, 2012

බෲටස් නම් ඔහු (18 +)


හිස්ටීරියාකාරයෙකු,
මාක්ස්වාදියෙකු,
විප්ලවවාදියෙකු,
ශ්‍රේෂ්ඨ චින්තකයෙකු,
ලෙස

ඔබ මා දකිනවානම්
මා සතුටුය..
මේ ගොන් හරක්
මට දෙන ගරු නම්බු දැක,
මගේ අග්නාශය 

නලියයි..
පුරහ්ස්ථි ග්‍රන්ථියයෙන්
ස‍්‍රාවයක් 

වෑහෙන්ට ගනියි..
අවසානයේ මා 

පුදුමාකාර 
සංප්‍රමෝදයකින්,
සුරාන්තයේ අවසන් 

මුදුනට පැමිනෙයි..
ආහ්...
දැන් මට අනුව මා පොරකි,
copy නොකරන,

අලූත් දේ කරන,
මා පොරකි..

කෙතරම් පොරක් වීද යත්,
මිතුරු වේශය නම්,
ඊනියා ඔළුබක්කා දමාගෙන
මා ඔබට අනින්නේ
පපුවට නොව
පිටටය..


"Sorry මචං, මට හුරු එහෙම 
අනින්න විතරයි.ගනන් ගන්න එපා"
හහ්.. හහ්.. හා...

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/05/04

 

Wednesday, April 25, 2012

තත්සරණි



දරයත්
සහෝදරත්වයත්
අතර
අපැහැදිලි සෙනෙහස...
විටෙක නැගෙමින්
විටෙක බිදෙමින්
නැගෙන
රළපෙළ...
මිටින් මුදා හළද
හැරදමා නොගිය
සෙනෙහස...
නිබද බෝ
ස්නේහයෙන්
ඡායාව මෙන් රැදුන
ගැහැණිය...
උස් මුදුනක
මා වැජඹෙන්නට
සිහින දුටු
හදවත...
නමක් නැති
නෑකමට
නම් සොයා
ළතනොවෙමු
ඔබ මිහිර
පද වැලක්ය
....................

- නිරෝෂ් මෛත‍්‍රි -
2012/04/26



Tuesday, April 24, 2012

පොද වැස්ස



පාළු අහස යට
අදුරු සැදෑවක
ඔබේ දෙනෙත්
මතකෙට නැගුනා...
සීතල සුළඟත්
වැහිබර අහසත්
ඔබදුටු මුල්දින
මතක් කලා...

එම අහසෙම අද
දුක්බර විලසින්
අදුරු වෙලා
ඔබෙ රුව ඇදුනා...
ඉදහිට වැටෙනා
මේ පොද වැස්සට
ඔබ මෙන් මා වත්
මග හැරුනා...


- නිරෝෂ් මෛත‍්‍රි -
2012/04/24


Saturday, April 21, 2012

තටු කැපූ අප හෙවත් දුම්රියපොළේ කවි




දළුලා වැඩෙයි
අතු රිකිළි අතර
වියැකෙන්නට
වෙරදරන
ඔබට ඇති
ආදරය...


පිණි බිදුවක
හිම කැටයක
සිනිදුබව නොරැදුන
කටුක වූ
අපෙ ආදරය...


පියාපත් විදා
දුර අහසේ
පාවෙන්නට
හිත්ලද්දි
උපතින්ම තටු
අහිමි ආදරය...


කිසිදිනක එක් නොවන
සමාන්තර ඉරිදෙකකි
ඔබ තැනක
මා තැනෙක
ආදරය...


- නිරෝෂ් මෛති‍්‍ර -
2012/04/10

අදටත් නෙතට උළෙල



ද ඉස්මත්තේ
පාළු පෙදෙස
ගැඹුරු අගාධෙක
ලා.. පස්දා..
නිමාකල සෙනෙහෙ
සුන්ධයෙන්,
නැවතත්සිපිය
බොකළ මොහොතක,
ඔබවම පෙනිලා
නොපෙනී යා නම්...


සිහින ලොක හිද
දඟක සිතිවිලි..
මිරිගුව දැක දැ
අපමැවු හසරැලි..
නොලැබෙන බ දැන
හී මාළිගා
දියවී ඇදුනා
වෙළේ දියරැළි...


සින්නෙ නැහැ
මල් වරුසා අප හට..
මල් පියවිළි පෑගෙන්නෑ
දෙපට..
නාදුනනා පෙම් යුවලක්
විලසින්
යළි අ හමුවූයේ යි
මේ විලස...


- නිරෝෂ් මෛතී‍්‍ර -
    2012/03/27



හිස් බව



ශීර්ෂයට ඇති
එකම සෙවන
තම අත බව
වැටහුනේ
ලෙඩ ඇදේ ඉන්නාවිට



වතේ දූලි කැබැල්ලත්
ඇස් අග කබ කැබැල්ලත්
මුව අග ඉදුලුත්
මටම හිනැහෙනවා
උනුත්...



ඉදහිට හමන සුළගත්
අද ගෙනෙන්නේ
මූසල පුසුඹක්..
තටුවක් කැඩුණ සමනලයෙක්
උරයි රොන්
ප්ලාස්ටික් මලකින්


වෙනදා සුව ගෙනාව
මදුරු දැලද
හිසරදයක්,
රැහැයියන්ගේ විලාපය
උන්නම්
ගාන්ධරවයින්


ඉදහිට වැටෙන වැස්ස
මවයි දුරාතීතය
ඇස් කෙවෙනි යට,
බෙලි කටුවක හිස් "හෝ" හඩ
රැව් නැගෙයි මා තුළ
ඇති හිස් බව...


(සත්‍ය සිදුවීමක් ඇසුරෙන්)
- නිරෝෂ් මෛති‍්‍ර -

ඇසු හොදම ස්තූති කතාව හෙවත් මනුෂ්‍යත්වය අප්පිරියා කිරීම



පසු:

අළු අහස දින ගණන්
දහසකුත් වේදනා විද
බක්මහේ අකුණු මැද
වැස්සා සොදුරු
මල් වැස්සක්...



මල් වැස්ස
හරි හැඩයි...
මල් වැස්ස
පියකරුයි...
මල් වැස්සෙ ගුණ වයන්න
දාහකුත් එකක් සෙනග



පෙර:

අළු අහස දුක්බරයි
අළු අහස දුර්වලයි
කේඩෑරි රළු පොළව
උන්දැව රැවැටූ හැඩයි


අළු අහස
හූල්ල හූල්ලා
ඇඩූ හැටි
දන්නෙ
වළාකුලක්
දෙකක්..


මල් වැස්ස අත ළගයි
අළු අහස දුර්වලයි
ගතේ දා පිසින්නට
වළාකුළු වින්දේ අපමණ දුකක්



අද:

මල් වැස්ස හරි හැඩයි
මල් වැස්ස පියකරුයි
"උඹ වැස්සෙ මම නිසයි
අපව රැකුවේ එකයි"
කියා අළු අහස මල් වැස්සට
පෙන්වයි
එකම වළාකුලක්....


" උඹට දැන් සනීපද?
තව උනා මදි නේද?
දෙමව්පියන්ටවත් උඹ
කලාද ඔහොම?
දැන් බඩ කපං
මැරියං... "


සිනාසෙයි මුවින් නොව
අන් අන් සියලු
තැන් වලින්
දාහකුත් එකක් වළාකුලු
නිල් අහස ගුගුරවා
එකම එක
වළාකුළකට...



- නිරෝෂ් මෛති‍්‍ර -
     2011/12/18



විෂඝෝර පෙම්වතාට



නටන්නට වන්නම් මට
පෙන්වූ මුලා දෑසට
කටුවකින් නොඇන
නටන්නෙමි මං
වන්නම්..


දොඩන්නට පෙම්බස් මට
කිවියෙකු වූ ඔබේ මුවගට
විෂ හාදුවක් නොතබා
දොඩන්නෙමි මං
නැවුම් පෙම් බස්..


අසන්නට හද ගැහෙන
රාවයක් මට
එදා හද නොවෙයි
උසස් හදකින්
ඔබේ හද සිදුරු කර
අසන්නෙමි මං
නිතර පද වැල්...


- නිරෝෂ් මෛති‍්‍ර-
(2012-01-02)



 

Sample text

Sample Text