Social Icons

Saturday, April 21, 2012

තටු කැපූ අප හෙවත් දුම්රියපොළේ කවි




දළුලා වැඩෙයි
අතු රිකිළි අතර
වියැකෙන්නට
වෙරදරන
ඔබට ඇති
ආදරය...


පිණි බිදුවක
හිම කැටයක
සිනිදුබව නොරැදුන
කටුක වූ
අපෙ ආදරය...


පියාපත් විදා
දුර අහසේ
පාවෙන්නට
හිත්ලද්දි
උපතින්ම තටු
අහිමි ආදරය...


කිසිදිනක එක් නොවන
සමාන්තර ඉරිදෙකකි
ඔබ තැනක
මා තැනෙක
ආදරය...


- නිරෝෂ් මෛති‍්‍ර -
2012/04/10

2 comments:

  1. දේන්නම ආදරේ නම් මචෝ ....

    කිසිදිනක එක් නොවන
    සමාන්තර ඉරිදෙකකි
    ඔබ තැනක
    මා තැනෙක

    මෙහෙම වෙන්නේ නැහැ....

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම වෙනවා හර්ෂනියෝ..
      දෙන්නගෙ ආදරේ කොහොම උනත්, සමහර බාහිර සාධක තියෙනවා ආපස්සට හරවන්න බැරි...
      :(

      Delete

 

Sample text

Sample Text