Social Icons

Saturday, April 21, 2012

විෂඝෝර පෙම්වතාට



නටන්නට වන්නම් මට
පෙන්වූ මුලා දෑසට
කටුවකින් නොඇන
නටන්නෙමි මං
වන්නම්..


දොඩන්නට පෙම්බස් මට
කිවියෙකු වූ ඔබේ මුවගට
විෂ හාදුවක් නොතබා
දොඩන්නෙමි මං
නැවුම් පෙම් බස්..


අසන්නට හද ගැහෙන
රාවයක් මට
එදා හද නොවෙයි
උසස් හදකින්
ඔබේ හද සිදුරු කර
අසන්නෙමි මං
නිතර පද වැල්...


- නිරෝෂ් මෛති‍්‍ර-
(2012-01-02)



No comments:

Post a Comment

 

Sample text

Sample Text