Social Icons

Saturday, April 21, 2012

ඇසු හොදම ස්තූති කතාව හෙවත් මනුෂ්‍යත්වය අප්පිරියා කිරීම



පසු:

අළු අහස දින ගණන්
දහසකුත් වේදනා විද
බක්මහේ අකුණු මැද
වැස්සා සොදුරු
මල් වැස්සක්...



මල් වැස්ස
හරි හැඩයි...
මල් වැස්ස
පියකරුයි...
මල් වැස්සෙ ගුණ වයන්න
දාහකුත් එකක් සෙනග



පෙර:

අළු අහස දුක්බරයි
අළු අහස දුර්වලයි
කේඩෑරි රළු පොළව
උන්දැව රැවැටූ හැඩයි


අළු අහස
හූල්ල හූල්ලා
ඇඩූ හැටි
දන්නෙ
වළාකුලක්
දෙකක්..


මල් වැස්ස අත ළගයි
අළු අහස දුර්වලයි
ගතේ දා පිසින්නට
වළාකුළු වින්දේ අපමණ දුකක්



අද:

මල් වැස්ස හරි හැඩයි
මල් වැස්ස පියකරුයි
"උඹ වැස්සෙ මම නිසයි
අපව රැකුවේ එකයි"
කියා අළු අහස මල් වැස්සට
පෙන්වයි
එකම වළාකුලක්....


" උඹට දැන් සනීපද?
තව උනා මදි නේද?
දෙමව්පියන්ටවත් උඹ
කලාද ඔහොම?
දැන් බඩ කපං
මැරියං... "


සිනාසෙයි මුවින් නොව
අන් අන් සියලු
තැන් වලින්
දාහකුත් එකක් වළාකුලු
නිල් අහස ගුගුරවා
එකම එක
වළාකුළකට...



- නිරෝෂ් මෛති‍්‍ර -
     2011/12/18



No comments:

Post a Comment

 

Sample text

Sample Text