Social Icons

Showing posts with label යාළුවො ගැන. Show all posts
Showing posts with label යාළුවො ගැන. Show all posts

Sunday, May 13, 2012

ඔබා මාමේ.... උඹට නිවන් සුව....!!!



අදින් පසු ඔබා මාමාගේ Post නොවැටෙනු ඇත. Comments නොවැටෙනු ඇත. නමුත් සුන්දර මිනිසෙකු ලෙස ඔහු තැබූ සටහන් සදාකල් පවතිනු ඇත. අද සමස්ත බ්ලොග් පාඨකයන් සියලු දෙනාම අඩුම තරමේ ඔහු වෙනුවෙන් සුසුමක් හෝ හෙලති. මන්ද ඒතරම් ඔබා මාමා බ්ලොග් ලියන්නන් අතර ජනපි‍්‍රය චරිතයක් වූ බැවිනි. බ්ලොග් පාඨකයන්ගේ සිනාසෙන රූප අද සුදු කොඩි බවට හැරී ඇත. ඇත්තෙන්ම බ්ලොග් ලියන්නන්ගේ එකමුතුකම ගැනනම් ඉතාමත් සතුටුය.
බ්ලොග් ලියන්නෙක් වෙනුවෙන් මේතරම් එකමුතුවක් මින් පෙර දුටුවේ අවස්ථාවන් දෙකකදී පමණි. එක් අවස්ථාවක් නම් ඉලන්දාරියා අසනීපවී සියලු දෙනාම එක්ව ඔහු වෙනුවෙන් මුදල් එකතු කල අවස්ථාවයි.
අනික නම් ටැබූගේ බ්ලොගය හැක් කර විනාශ කර දැමූ දිනයයි.කෙසේ වෙතත් අප අතරන් හදිසියේ වෙන්වූ සොදුරු මිනිසාට හදවතින්ම නිර්වාන සුවය ප‍්‍රාර්ථනා කරමු.

ඔබ මාමාගේ වියෝව ගැන අන්තර්ජාලයේ පලවී තිබූ කදුළු බින්දු කිහිපයක්...

 -   හඳුනාගත් දින පටන් අප සතුටින් තැබූ පිනෙන්ම
සනත් (ඔබ්සවර්)
අයියේ නුඹට නිවන් සුවයම ලැබේවා..!

 - ආදරණීය සනත් විජේවර්ධන හෙවත් ඔබා මාමේ...ඔබට අජරාමර නිවන් සුව!

- ආයෙත් මගෙ තියා කාගේවත් පෝස්ට් කියවීමට ඔබා මාමා එන්නේ නැත....
                            දයාබර සහෘදය ඔබට නිවන් සුව!!!
අද බුකිය පාළුයි...
ජෝක් නෑ...
ආතල් නෑ...
මඩ නෑ...
කොටින්ම චැට් එකේ කතාබහත් නැවතිලා...
ඇත්තටම ඔබා මාමේ,
ඔයා යන්නම ගිහින් කියලා කොහොම හිතන්නද?
අනේ,
ආයෙත් අද හෙටම අපේ පැත්තෙ ඇවිත් යන්න එන්න...
අළුත් පෝස්ට් එකකුත් ලියාගෙන...
ඔයාගෙ කමෙන්ට් එක වැටෙනකම්
අපේ බ්ලොග් සියගණනක් බලාගෙන ඉන්නවා ඔබා මාමෙ...
ඉතින්,
නිවන් දකින්නට කලින් එකම එක සැරයක්...
අපේ පැත්තෙ ඇවිත් යන්න එන්න...
ජීවිතේ එකම එක වරක් දැකපු..
හැබැහින් වචන කීපයකට වඩා කතා නොකරපු
උඹ සදහටම වෙන්වෙලා කියල ඇහුවාම
මගේ පපුව හිර උනේ ඇයිද කියල මම තාමත් දන්නෙ නෑ...

බ්ලොග් ලෝකෙට අලුත් එකෙක් විදියට
වෙන උන්ගෙ බ්ලොග් කියවගෙන යද්දි
සමහර පෝස්ට් වලට වඩා.. උඹේ කමෙන්ට් කියවන්න මම ආස කරා...

මමත් බ්ලොග් එකක පටන් ගත්තාම
උඹේ කමෙට් එකක් වැටුන දවසෙ
ඒක මට මහා ලොකු කමක් උනා...

ඒ උඹ මගේ හිතේ එච්චර " පොරක් " වෙලා ඉදපු නිසයි...


උඹ පොරක් උනේ වයස් සීමාවෙන් වෙන් කරන්න බැරි වෙච්ච යාලු කමට...
උඹ පොරක් උනේ හිතවත්කමට....
උඹ පොරක් උනේ මනුස්ස කමට....

එදා උඹත් එක්ක හිනා උන හැමෝම
ඇස්වල කදුළු පුරෝගෙන
බලාගෙන ඉදිද්දි...
තව ටිකකින්
උඹ හිනාවෙලාම යන්න යාවි....

උඹ විතරක් හිනා වෙද්දි
අපි ඔක්කොම අඩාවි...
අද ඉදං... බ්ලොග් අවකාශයේ හිනාව අඩුවේවි....

ඔබා මාමේ....
උඹ අපේ හිත් තුල හැමදාටම අමරණීයයි..... 

උඹට නිවන් සුව....!!!



දයාබර පාඨකයිනි,
අප සියල්ලන්ගේම හදවත් කම්පනය කළ ඔබා මාමාගේ හදිසි නික්මයාම හේතුවෙන් "අයියෝ සල්ලි" බ්ලොග් අඩවියෙහි සතියකට පමණ අළුත් පෝස්ට් පළ කිරීමෙන් වැලකී සිටීමට අප තීරණය කර ඇති බව දැනුම්දෙනු කැමැත්තෙමු.

ස්තුතියි...


 


ඔබා මාමාගේ බ්ලොගය http://observer-nireekshaka-observer.blogspot.com


- නිරෝෂ් මෛත‍්‍රි -
   2012/05/14
 

Tuesday, May 8, 2012

මම දැන් රැඩිකල් (18 +)



නිමිත්ත : මම තේරුම්ගත්තා බං රැවුල වවලා විප්ලව කරන්න බැහැ කියලා, ඒ හින්දා කැපුවා.

"මාක්ස්  කියා මට කියන්න"
මං හරි ආසයි...
'වෙඩ්ඩා' වගේ කවි ලියන්න
මං හරි ආසයි...
'ෆ්‍රොයිඩ්' වගේ ලෙඩ හොයන්න
මං හරි ආසයි...
"අනේ මාව පොර කරන්න"
මං හරි ආසයි...

මොන විප්ලව කෙරුවත් මම
පිටු පිරෙන්න ලිව්වත් මම
ආසයි මම මටම කියා
පොෂ් කෙල්ලෙක්
ඉන්නවානම්...

හැබැයි ඔයා බැහැ කිව්වොත්
ෆැන්ටසියෙන් ඇද දැම්මොත්
නියම ලෙනින් කවුද කියා
පෙන්නමි මම අම්මාටත්...

බඩුව උඹයි මම *කාපු
පෙට්ටි පොඩ්ඩ මම කඩාපු
හෙළුවැල්ලෙන් ගංවතුරේ
පීන පීන කිති කවාපු...

"ඒකි ඇන්දෙම රෝස පාට"
"ටොයිලට් ගියෙත් මට කියලා"
"ඇනගන්නමයි ආස"
"මම නෑනෙ ඉතිං ඕවට..."

"තේරෙනවා නේද බොලාට"
"දැන් පිප්පුවාට ඔය *ත්ති"
"මම නැතුව ඕකිට
රෑට නින්ද ගියෙත් නෑ..."

අපිත් කරමු විප්ලවේ..
පෙළ ගැහෙන්න යාලුවේ..
එතකොට උඹටත් කියාවි,
"දැන් ඌ රැඩිකල්..."

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/05/08

Monday, April 23, 2012

සමකාලීනයන් අතර වීරයෙක්



එය සුවිශාල Spathodea ගොඩනැගිල්ලට පිටුපසින් මළහිරු බසිමින් තිබූ හැන්දෑවකි.
අපගේ ගුරුවරයෙකුට පෙරකල උපකාරයකට ප‍්‍රතිඋපකාර කරනු වස් පයිප්ප පාරේ අවන්හලක මධුවිත තොළගෑමේ set වීමකට මටද ආරාධනා ලැබුණි.
පැරණි මිතුරන් හමුවීමේ හා ඔවුන් සමග ආගිය තොරතුරු දොඩමළුවීමේ ප‍්‍රහර්ෂයද හිතින් දරාගෙන මා තවත් මිතුරෙකුද සමග අදාල ස්ථානයට යන විටත් සාදය ආරම්භවී තිබුණි.
අප කල උපකාරයන්ට බඩ කට පිරෙනතුරු ස්තූති කතාවලින් පිදුම් ලැබූ පසු,
පවත්නා තත්ත්වය තුළ ලාංකීය දේශපාලනයේ ඉදිරි ගමන
ත්, නැගිටිමින් තිබෙන ජන අරගල ව්‍යාපාරය පිළබදවත්, සම්භාව්‍ය චිත‍්‍රපට කිහිපයක විචාරයන් දෙක තුනකුත්, ඒවනවිට විවාහවීමට නියමිතව සිටි (දැනට විවාහවී සිටින) සගයෙකුට "සාර්ථක විවාහ දිවියකට අපෙන් අත්වැලක්" යන මාතෘකාව යටතේ උපදෙස් මාලාවකුත් යනාදී දේශන, උපදෙස්මාලා, උපකාරක පන්ති, සම්මන්ත‍්‍රණ කිහිපයක්ද මේ සුළු කාලය අතර අපේ සෙට්එක නොමිලේම ලබාදුන්නේය.ඒවාට අපේ උන් උපන් හපනුන්ය. ඇතැම් අය උපදෙස් සදහාම සමස්ත ලංකා මට්ටමේ සහතිකපත් ලාභීන්ය.බෝතලය මේසය වටා වරක් දෙවරක් පැදකුණු කල පසු දැන් යන්නේ ක්ෂිතිජයට ආසන්නයේ කතාබස්ය.හිස්ටීරියාව, මනෝ විශ්ලේශනය, සංජනනය, දීප්ති කියන්නේ කවුද? ලෝකෙ නැති ප‍්‍රශ්නය.
බෝතලය, බයිට් ප්ලේට් එක, බෝතල් දෙක, බයිට් ප්ලේට් දෙක, තුන, හතර හිස් වෙමින් තිබුණි.වටින් පිටින් එළිවෙමින් තිබෙන නිසාදෝ හොද හොද සෙල්ලම් කරළියට එමින් තිබුණි.දැන් උස්මිටිකම් නොමැති සමතලා සමාජයකි. කලින් අයියලා දැන් මචංලාය. කලින් මචංලා දැන් හු** ලාය.

" ඕකාට ඔය මුකුත් කියලා වැඩක් නැහැ.. ඌ විඥාණවාදියෙක්.. ඌ දෙයක් තේරුම් අරන් ඉන්නෙ මෙහෙමයි.. ඒ නිසා ඌ ඒ මතේ අත්අරින්න ලෑස්ති නැහැ. කවදාවත් විඥාණවාදීන්ට පැහැදිලිකිරීම් කරන්න බැහැ.. මොකද ඌ මතයක පිහිටලා, දැනටමත් උගේම කියලා ෆැන්ටසියක් ගොඩනගාගෙන ඉවර නිසා.."


"ආ....."

රසකතා ගොඩකි. ඉහත පැහැදිලි කිරීම ඔහුටම අකුරු කරවූ ගුරුවරයෙකුටය. මට ඉබේටම බයිට් කැවේ.

"හරි.. දැන් මොකක්ද උඹ ඔය කියන විඥාණවාදය? " ඉහත කී ගුරුවරයාගෙන් හරස් ප‍්‍රශ්නයකි.

"ඔයා මාර පොරක්නෙ, විඥාණවාදය කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැතුවද ඔයා මෙච්චරවෙලා කතා කරපු දේවල් අහන් හිටියෙ? ඔයත් නිකන්............."
ගුරුවරයාගේ හිස වටේ Tweety Birds ලා පියාඹයි. අතරින් පතර වල්ගා තරුද කඩා හැලේ.බිව්වට වඩා දැන් මට වෙරිය.

අවසානයේදී දීප්තිද මොකාද කියා දීප්තිවද අදුනන්නේ නැති විදියට හැසිරුණු අපේ කාලයේ වීරයා ජයග‍්‍රහණය කළේය. අන්තිම shot එකද එක උගුරට හලා ගත්තේය. මටනම් මෙය රසගුලාවකි. බයිට් පිගානේ මුහුණ ඔබාගෙන තනිවම සිනාසේ.

දැන් අපේ going away එකය.අයෙක් බදා සිපවැලදගන්නා විට අයෙක් අතේ තිබෙන සිගරට් එකද උදුරාගෙන යන තරමේ දෝරෙ ගලායන සෙනෙහසින් අප පිටව ගියෙමු.
අනේ එවන් සුන්දර රාත‍්‍රියක් ගෙවුණු ඉක්මන !!!

*****

පසුදා උදෑසනින්ම ජංගම දුරකථනය බෙරිහන් දෙන හඩය.

"මචං අයිවන්ව ඊයේ රෑ arrest කරලා කියලා ආරංචිද? "
මගේ නිදි විකාර ගතිය කොහෙන් ගියාද නැත.

"නෑ බං මම දැනුයි ඇහැරුනෙ...ඇයි මොකද වෙලා තියෙන්නෙ? "

"දන්නෑ බං.. උගෙ phone එකත් off,පොඩ්ඩක් හොයලා බලහන්කො.."

හැරෙන තැපෑලෙන් මම පෙරකී ගුරුවරයාට ඇමතුමක් ගත්තේය.

"සර්.. ඊයෙ මෙහෙම සිද්ධියක් උනාලු, ඇත්තද බොරුද දන්නෑ "

"නෑ.. නෑ.. කලබල වෙන්න දෙයක් නෑ. මටත් ඊයේ
රෑම ආරංචි උනා. මමත් හිතුවෙ බොරුවක් කියලා..
පස්සෙ හොයලා බලද්දි බයික් එකේ ලයිසන් නැති නිසා මිනිහව අල්ලලා.කෙසෙල්වත්ත පොලීසියෙ හිටියෙ. මමයි මිලානුයි ගිහින් පුද්ගලි
ඇප දීලා මිනිහව එළියට ගත්තා"

"
ඉතිං ඊයේ මොකද වෙලා තියෙන්නෙ? "

" ඊයේ මිනිහට හොදටම වැඩියිනෙ. මදුරුවෙක්ගෙන් ගිහින් තියෙන්නෙ. යද්දි Traffic පොලීසියෙන් අල්ලලා. හෙල්මටුත් නෑ. No: Plate ඇත්තෙත් නෑ. පොලීසියෙන් ඒවා කෝ කියලා ඇහුවම මදුරුවන්ට මොකටද ඒවා කියලා අහලා. දැන් ඒ නීතිය වෙනස් කරලානෙ බං.. ඒක ඌට කිව්ව
කොහෙද වෙනස් කරලා තියෙන්නෙ වෙනස් කරලා තියෙනවානම් පෙන්නන්න කියලා ගේම ඉල්ලලා.. කතාව දුර දිග ගිහින්.."

"ඉතින් ඒ නීති කොහොම උනත් මේකා බීලා ඉදපු එකම ඇතිනෙ"

"ඒකනෙ බං කියන්නෙ එතනත් විඥාණවාදය කතා කරන්න යන්න ඇති.අනික ඊයෙ සිකුරාදා, ඊයෙම මිනිහා ගත්තෙ නැත්තන් සදුදා වෙනකන්ම ඇතුලෙ.
ඒමදිවට මම බයේ හිටියේ ඊයේ අතනින් යන වෙලාවෙ මිනිහා මට කිවුවා, ඔතපු කූරු දෙකක් තියෙනවා කියලා. මම හිතුවෙ ඒවත් මාට්ටුද දන්නෑ කියලා, වෙලාවට එහෙම හෙණයක් පාත්වෙලා තිබ්බෙ නැහැ..."

"හොද වෙලාවට... කොහොම හරි කමක් නැහැ දැන් මිනිහට ප‍්‍රශ්නයක් නෑනෙ, එහෙනම් එච්චරයි"

********

නැවත මම මුලින් පණිවුඩය දුන් මිතුරා ඇමතුවෙමි.

"මචං ඌට අවුලක් නැහැ ඊයෙම එළියට අරන්"  මම කීවෙමි.

ඊළඟට මට ලැබුනෙ හරි අපූරු පිළිතුරකි.

"ඔවු බං මම දැන් ඌට ගත්තා. ඌ කිව්වා අවුලක් නැහැ කියලා. ඌ අදුනන ලෝයර්ස්ලා ඉන්නවනෙ. උන්ට කතා කරලා වැඬේ ගොඩදාගත්තලු. ලෝයර් කෙනෙක් ඇවිත් ඇපදීලා ගත්තලු. ප‍්‍රශ්නයක් උනේ නැහැලු "
දැන්
Tweety Birdsලා පියාඹන්නේ මගේ හිස වටේය..

"මොකක්? උගේ මොන ලෝයරයෙක්ද? ඊයේ අපේ මිලානයයි, විමල් සර්රුයිනෙ ගිහින් පුද්ගලික ඇප දීලා අරන් තියෙන්නෙ"

"ආ....."


- නිරෝෂ් මෛත‍්‍රි -
2012/04/22


Saturday, April 21, 2012

ළගදි ගත්තෙ වද්දන්න එපා




රොබට් සෙමාකිස්ගේ (Robert Zemeckis) Forrest Gump චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය වූ "ගම්ප්" නම් පුද්ගලයා කිසිදු දෙයක් වටහා ගන්නට උත්සහ නොකරන්නෙකි. අවට පවතින සමාජ යථාර්ථය කෙරෙහි ඔහු දක්වන්නේ බිංදුවේ ප‍්‍රතිචාරයකි. වරක් ඔහු ඇමරිකාව වෙනුවෙන් වියට්නාම් යුද්ධයට බැදී සටන් කරයි,තව වරක් ඔහුව ඇමරිකන් ආණ්ඩුව පිංපොං බෝල ගැසීම සදහා චීනයට යවයි,ඔහු ආදරය කරන පෙම්වතිය වියට්නාම් යුද්ධයට එරෙහිව පෙළපාලිවල ගමන් කරන්නියකි,ඇයට ඊට අමතරව AIDS වැළදී ඇත.වියට්නාම් යුද්ධය,චීනය, AIDS යන මේවා ඓතිහාසික සිදුවීම්වන අතර ඒවා අතර විශාල වෙනස්කම් පවතියි.නමුත් ගම්ප්ට අනුව ඔහුට මේවා අතර වෙනසක් නැත. වියට්නාම් යුද්ධයේදී සටන්කරන ඔහු ඊට ප‍්‍රතිපක්ෂ ස්ථාවරයක සිටින තම පෙම්වතිය විවාහ කර ගැනීමේදී ඒ ගැන කිසිවක් නොඅසයි.
            මෙම චිත‍්‍රපටිය හදිසියේ මතකයට පැමිණියේ මගේ මිතුරෙකුගේ සටහනක් අන්තර්ජාලයේ අහම්බයෙන් දැකීමෙනි. එය කියවා අවසන් වූ පසු මට දැනුන එකම කරුණ නම්,යම් ස්ත‍්‍රියක් අරඹයා ඔහු පැටලී ඇති ග‍්‍රස්ථිය සුළුපටු එකක් නොවන බවයි. විටෙක සදාචාර සම්පන්න සමාජයක් ගැන කතාකරමින්,තවත් විටෙක අරගලයක් සිත තුළ නළියෑම පිළිබදව සිහින දකිමින් ඇතැම් වගඋත්තරකරුවන් ලේ නෑයින් වූ විට ඔහු දක්වන්නේ බිංදුවේ ප‍්‍රතිචාරයකි. එවිට අයෙක් පිළීබද අන්ධ භක්තියකින් පෙළෙන ගමන් කුහකත්වය,මූනිස්සම්,සල්ලි ගහේ නැගීම, නම් කැපීම,සැරව ගැලීම යන විසම්භන්ධ වචන රැසක් (ඔහුගේම වචනවලින් නම් රැප් ගීයක ආකාරයෙන්) එක පෙලට ගායනා කරයි. නමුත් සැබෑ ලෝකයේදී සිදුවී ඇත්තේ අනෙකක් බව තේරුම්ගැනීමට තව අල්ප කාලයක් පමණක් ඔහුට ප‍්‍රමාණවත්ය. යථාර්ථය (Reality) යැයි මිනිසුන් තේරුම් ගන්නේ ඔවුන් දකින්නට කැමති දේය.එයට පරිබාහිර දෙයක් සිදුවන විට ඔවුන් හැසිරෙන්නේ උන්මත්තකයින්ටත් අන්ත ආකාරයකිනි.ඇතැම් විට යථාර්ථය මෙය බව දැන දැනත් යථාර්ථයට වඩා ඇලී සිටින (තාවකාලික උවත්) මායාව ආශ්වාදනීය බැවින් ඔවුහු මායාවට පෙම්බදිත්. එබැවින් එම ස්වයං වින්දනය වෙනුවෙන් ඔවුන් අවිචාරව පෙනී සිටියි.නමුත් එතැනින්ද නොනැවතී මා මෙන්ම ඔබද මේ ස්වයං වින්දනය වෙනුවෙන් හඩ නොනගන්නේ ඇයි දැයි අසයි.
            එඩිත් වෝටර්න්ගේ (Edith Wharton) The Age of Innocence නවකතාවේ හරය මෙම තත්ත්වයට බොහෝ සෙයින් සමපාතය.
එහි කතානායකයාට ඉහළ පන්තියේ කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් තිබෙන බව ඔහුගේ බිරිද හොදින්ම දනියි.නමුත් ඔහුට එවැනි සම්බන්ධකමක් නැතැයි කියා ඇය විශ්වාසකරන අතර ඇය ජීවත්වන්නේ තම සැමියා ඉතා යහපත් පුද්ගලයෙකු කියා සලකාගෙනය. ඇගේ මෙම තර්කය නිසා ඇය අවට යතාර්ථය ඉතා හොදින් කි‍්‍රයාත්මක වෙයි. ඒ අනුව ඇගේ විවාහය යනු සැබෑ ලෝකයේ පවතින දෙයක් නොව ලෝකය ඉදිරියේ පවතින ප‍්‍රබන්ධයකි. නමුත් ඇය එම කටුක ඇත්ත ප‍්‍රතික්ෂේප කොට එවැන්නක් සිදුවී නැතැයි සිතා කි‍්‍රයාකරයි. එතැනදී ඇයගේ විවාහ ජීවිතය පමණක් නොව සමාජයෙන් වෙන ගැරහුම්වලින්ද ඇය ආරක්ෂාවෙයි.කිසිදු දෙයක් සිදුවී නැතැයි යන යථාර්ථය බැහැර කොට ඇය නිර්මාණය කරගන්නා ලද ෆැන්ටසිය තුළ සතුටින් ජීවත්වීමට උත්සහ කරයි.
            ඉදින් සැබවින් නොපවත්නා යමක් රැක ගැනීමට පුද්ගලයෙකුට අපමණ වෙහෙසක් ගැනීමට සිදුවීම,පිටතින් බලා සිටින කෙනෙකුට අසිත තවුසා සිහිපත් කරන්නකි. මන්ද එකවර සොම්නස මෙන්ම දොම්නසද පහල කරන බැවිනි. ඔහුගේ සතුට රැදී තිබෙන්නේ යථාර්ථය බැහැර කරන තෙක්ය.ඔහු තමන් පරමාදර්ශී චරිතයක් බව සිතන ගමන් තමා වටා ඇති සංකේත චරිත  රැකගැනීමට ගොස් පුද්ගලයන්ට පොදු විනෝදාස්වාදයද සපයන්නේ නිරායාසයෙනි. එවන් අයෙක් පිළිබදව අනුකම්පා කරනවා හැරෙන්නට වෙන කලහැකි යමක් නැත.
ඉදින් යහපත් මෙන්ම බුද්ධිමත් අනාගතයක් වෙනුවෙන් එවන් මිනිසුන්ට පුණ්‍යානුමෝදනා කරමු.


- නිරෝෂ් මෛති‍්‍ර -
2012/03/01

 

Sample text

Sample Text