Social Icons

Tuesday, May 8, 2012

මම දැන් රැඩිකල් (18 +)



නිමිත්ත : මම තේරුම්ගත්තා බං රැවුල වවලා විප්ලව කරන්න බැහැ කියලා, ඒ හින්දා කැපුවා.

"මාක්ස්  කියා මට කියන්න"
මං හරි ආසයි...
'වෙඩ්ඩා' වගේ කවි ලියන්න
මං හරි ආසයි...
'ෆ්‍රොයිඩ්' වගේ ලෙඩ හොයන්න
මං හරි ආසයි...
"අනේ මාව පොර කරන්න"
මං හරි ආසයි...

මොන විප්ලව කෙරුවත් මම
පිටු පිරෙන්න ලිව්වත් මම
ආසයි මම මටම කියා
පොෂ් කෙල්ලෙක්
ඉන්නවානම්...

හැබැයි ඔයා බැහැ කිව්වොත්
ෆැන්ටසියෙන් ඇද දැම්මොත්
නියම ලෙනින් කවුද කියා
පෙන්නමි මම අම්මාටත්...

බඩුව උඹයි මම *කාපු
පෙට්ටි පොඩ්ඩ මම කඩාපු
හෙළුවැල්ලෙන් ගංවතුරේ
පීන පීන කිති කවාපු...

"ඒකි ඇන්දෙම රෝස පාට"
"ටොයිලට් ගියෙත් මට කියලා"
"ඇනගන්නමයි ආස"
"මම නෑනෙ ඉතිං ඕවට..."

"තේරෙනවා නේද බොලාට"
"දැන් පිප්පුවාට ඔය *ත්ති"
"මම නැතුව ඕකිට
රෑට නින්ද ගියෙත් නෑ..."

අපිත් කරමු විප්ලවේ..
පෙළ ගැහෙන්න යාලුවේ..
එතකොට උඹටත් කියාවි,
"දැන් ඌ රැඩිකල්..."

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/05/08

4 comments:

 

Sample text

Sample Text