Social Icons

Tuesday, May 1, 2012

සාරන්‍යා 04



මෙතනින් (සාරන්‍යා 01)  
මෙතනින් (සාරන්‍යා 02)  
මෙතනින් (සාරන්‍යා 03)  

අදනම් පුදුමාකාර දිනයකි. ඇහැරුන වෙලේ ඉදන් ඇහෙන්නේ හතරබීරි කතාය. සංජය නම් නිගන්ඨයා මේ ඇද බාන්නේ ගල් පැලෙන බොරුවක්ද? මාස 03ක් වන පේ‍්‍රම සම්බන්ධතාවයක් සාරන්‍යා මගෙන් වසන් කරන්නේ අහවල් එකකටද? එසේ කිරීමට ඇයට ඇති උවමනාව කුමක්ද? අනෙක කිසි දිනෙක දැක නැති පුද්ගලයෙකුගේ ඇමතුමකට මා කලබලවන්නේ ඇයි...

"මම හිතන්නේ සංජය හොදට විහිළු කරන්නත් දන්නවා..."


"මොන විහිළුවක්ද, මේවා විහිළුවට ගන්න ඕන දේවල් නෙවෙයිනෙ අකිල,
කවුද ඔයාට කිව්වෙ ඊයෙ සාරන්‍යා මට කැමතියි කිව්වා කියලා? සාරන්‍යාද ? "


"නැතුව ඉතිං කැම්පස් එකේ VC මට කතා කරන්නෙ නැහැනෙ සංජය.."


"සාරන්‍යා ඇයි එහෙම බොරුවක් ඔයාට කිව්වෙ.. සාරන්‍යා මට කැමතියි කිව්වෙ අපි Batch Trip එක ගියපු දවසෙ, ඒ මීට මාස තුනකට කලින්. ඒක මුලු Batch එකම දන්නවා.."


"සංජය ඔයා ඔය ඇත්තමද කියන්නෙ? 

බැරිම තැන මම ඇහුවෙමි.


"මම ඔයාට බොරු කියලා කඩන්නවත් ඔයාලගෙ දැන් affair එකක් නැහැනෙ අකිල, සාරන්‍යා කොහොමටත් මගේ, එහෙම එකේ ඇයි මම ඔයාට බොරු කිය කියා කාලෙ නාස්ති කර ගන්නෙ? එයා මට හරිම ආදරෙයි.."


මටනම් මෙහි අගක් මුලක් නොතේරේ.

"කැම්පස් එකේ කැන්ටිමේ කෑම කටේ තියන්න බැහැ. දවසක් මම ඕක සාරන්‍යාට කිව්වා. පහුවෙනිදා ඉදන් එයා හොස්ටල් එකේ උයලා මටත් කෑම එකක් දෙනවා. ඊයෙ ජිම් එකේදි පොඩි තැලීමක් උනා. හවසම එයා ඇවිත් ඇස්වල කදුළු පුරවන් බාම් ගාලයි ගියේ.. එහෙම එකේ මම ඔයාට බොරු කියලා මොනා කරන්නද? අනෙක ඉතිං ඔයාටම මේක අහන්නත් පුළුවන්නෙ.එයා ඔයාට කතා කරනවනෙ"

පොලු පාරක් වැදුන කලෙක මෙන් මම තෝන්තුවී ගියේය. බත් උයාගෙන කන්න බැරිනම් කෝම්පිට්ටු හදන් කෑවත් මට කමක් නැත,මන්ද මම නැති උවද සාරන්‍යාටද ජීවිතයක් තිබුය යුතු නිසාවෙනි. නමුත් සාරන්‍යාට මට බොරු නොකර ඉන්නට තිබුනි. මේවන තුරුත් කවදාවත් ඇය මට බොරුකියානම් නැත. සංජය කියනවාක් මෙන් ඔහුටද මට බොරුකීමේ අවශ්‍යාතාවයක් නැත. කවදා පටන්ගත්තද දැන් ඔවුන් පෙම්වතුන්ය. මෙතන ඇත්තේ මට 'අයියේ' කියලා කතා කරන්නද සූදානම් වූ සාරන්‍යාගේ බොරු කලේ ඇයිද යන උබතෝකෝටික ප‍්‍රශ්නයයි.

"මම හිතන්නෑ සංජය සාරන්‍යා ඒ තරම් බොරුවක් මට කියයි කියලා, ඔයා ෆෝන් එක තියන්න. මම එයාට ගන්නම්"


මට තවමත් සාරන්‍යා විශ්වාසය.


"ඔයා ඇහුවත් නැතත් මම එයාගෙන් අහනවා, මොකද මටත් ලැජ්ජයිනෙ මේ කතාව ඇත්තනම්. මම තියනවා අකිල.."


"ok bye..."

මම තත්පරයක්වත් නාස්ති නොකර සාරන්‍යාට ඇමතුවෙමි. පාන්දරම ඔළුව විකාරවී උතුර දකුණ මාරුවී ඇත.අද ඇයගේ දුරකථනයේ Ringing Tone එකකුත් වාදනය වෙයි .

'Tujh mein rab dikhta hai
Yaara mein kya karu..'



"Rab Ne Banadi Jodi.......... "

(මතු සම්බන්ධයි) 


- නිරෝෂ් මෛති‍්‍ර -
2012/05/02


මෙතනින් (සාරන්‍යා 05)  
මෙතනින් (සාරන්‍යා 06)  


2 comments:

  1. තව කොටස් කියක් තියෙද ? ඉක්මනට ලියපන්කෝ......

    ReplyDelete
  2. ඉවසන්න හර්ෂනියෝ, සාරන්‍යා 05 ළඟදීම..
    රැදී සිටින්න අප සමගම...
    :)

    ReplyDelete

 

Sample text

Sample Text