Social Icons

Sunday, May 6, 2012

සාරන්‍යා 05

මෙතනින් (සාරන්‍යා 01) 
මෙතනින් (සාරන්‍යා 02)  
මෙතනින් (සාරන්‍යා 03)  
මෙතනින් (සාරන්‍යා 04)  

 දිගුවේලාවක් දුරකථනය නාදවීමෙන් අනතුරුව සාරන්‍යා සම්බන්ධ විය.

"ඔවු අකිල.."

"මට පොඩ්ඩක් කතාකරන්න පුළුවන්ද? "

"Sure.."

කොහෙන් පටන්ගෙන මොනවා අහන්නදැයි මටම නොතේරේ.

"සංජය මට Call කලා.."

"ආ.. අයියා ඔයාට ගත්තද? ඒ කියන්නෙ දැන් දෙන්නා යාළුවො.."


සිහින් සිනාවක් සමගින් සාරන්‍යා කීවාය. 'ඔවු  ඕනවටත් වඩා' යැයි කියන්නට සිතුණි.

"සාරන්‍යා මම ගත්තේ ඔයාගෙන් පොඩි දෙයක් අහන්න, ඔයා මට ඇත්තම කියනවානම් මම කැමතියි.."


"ඒ මොකක් ගැනද? "


"ඔයාගෙ Affair එක පටන් ගත්තෙ ඊයෙ ඉදන් නෙවෙයි නේද? "


ක්ෂණික පිළිතුරක් බලාපොරොත්තු වූවත් එය තත්ත්පර දහයකටත් වඩා ප‍්‍රමාද විය.


"ඇයි අකිල එහෙම අහන්නෙ? "


වෙලා අරගෙනද ඇය දුන්නේ උත්තරයක් නොව තවත් ප‍්‍රශ්නයකි.


"ප‍්‍රශ්නෙකට ප‍්‍රශ්නෙකින් උත්තර දෙන්නෙපා සාරන්‍යා, ඇත්තම කතාව ඔයාගෙ Affair එකට දැන් මාස 03ක් වෙනවා, මම හරි නේද? ඇත්ත කිව්වනම් ඔයාට පවු පිරෙනවද? "


"ඇයි අකිල මේ කලබල වෙලා,ඔයාට පිස්සුද, මොනාද මේ කියවන්නෙ.."

තවමත් මට ලැබෙන්නේ උත්තර නොව ප‍්‍රශ්නය.


"මේකයි සාරන්‍යා.. මට ඒක කවදා පටන්ගත්තත් කමක් නැහැ, ඒත් මට දැනගන්න  ඕනෙ මෙච්චරයි, ඔයාට මට බොරු කියන්න තිබ්බ උවමනාව මොකක්ද? "


සාරන්‍යා අද පිළිතුරු දීමට වැඩි කාලයක් ගැනීම මට මහත් කුතුහලයකි.

"දැන් කවුද ඔයාට ඔය බොරුව කිව්වෙ? "


"කිව්වෙ ඔයාගෙ අයියා .."


සාරන්‍යා නැවතත් නිහඩය.


"මේ මොන විකාර කතාවක්ද? ඉන්න මම එයාගෙන් අහන්නම්. අනික ඔයාට මට වඩා දැකලාවත් නැති කෙනෙක් ලොකු උනාද? "


ඇයව තවමත් මට උවමනාටවත් වඩා විශ්වාසය. සාරන්‍යා අසනීප වූ දින සිට මා ඇයගේ සතුට වෙනුවෙන් නොකල දෙයක් නැත.ඇය කැමති කෙනෙකු සමගින් නැවත සම්බන්ධයක් ඇතිකරගැනීමට ඉඩදී මා හිත හදාගත්තේද ඇයගේ සතුට වෙනුවෙනි.


"ඔයාලා කැමති දෙයක් කතාබහ කරගන්න. මට ඕනඋනේ හැමදේටම ඉඩදීපු මට ඔයා බොරුකිව්වද කියලා දැනගන්න විතරයි.."


"මම ඔයාට බොරු කරනවද අකිල.."


"හ්ම්.. මට ඔයාව විශ්වාසයි.."


"ඒකනෙ.. පිස්සු විකාර හිතන්න එපා, උදේට කාලද ඉන්නෙ?

"තව නැහැ සාරන්‍යා.."

"හරි එහෙනම් දැන් ගිහින් කන්න, මම අයියාට Call කරලා දවල්වෙලා ඔයාට ගන්නම් හොදද..
ආ... කියනකොටම එයා මට ගන්නවා. මම එහෙනම් තියන්නම් අකිල,අනං මනං හිතන්න යන්නෙපා.
බුදු සරණයි..."


"බුදු සරණයි.."


සංජය මට බොරු කියන්නට ඇතැයි කියා සිත හදාගන්නද? සාරන්‍යා මට අවිශ්වාස කිරීමට තරම් දෙයක් මේවන තුරුත් ඇය මට කර නැත. නමුත් මගේ සිතට නැගෙන්නේ විස්තර කිරීමට නොහැකි ගුප්ත ස්වභාවයකි. සාරන්‍යාට මෙන්ම සංජයටද මාහට බොරුකිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද? මට නැවත මතක්වූයේ සංජයගේ අංකයයි.දුරකථනය අතට ගෙන Received call List එකේ සංජයගේ අංකය නැවත බැලූවෙමි. මට හීන් දාඩිය දැම්මේ එවෙලෙහිය. සාරන්‍යාගේ අංකයෙන් අවසන් අංක දෙකෙන් පමනක් වෙනස් වන ඔහුගේ අංකය නිසැකයෙන්ම කපල් පැකේජ් එකක් වන්නට ඇත. සාරන්‍යා නව අංකය භාවිතා කරන්නට ගත්තේද මීට මාස දෙකකට පමණ පෙර සිටය.එසේනම් සාරන්‍යා මට මේ කියන්නේ ගල් පැලෙන බොරුද?

(මතු සම්බන්ධයි)
මීළඟට...සාරන්‍යා අවසාන කොටස 

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/05/06


මෙතනින් සාරන්‍යා 06 - අවසාන කොටස  


No comments:

Post a Comment

 

Sample text

Sample Text