Social Icons

Saturday, December 15, 2012

හිතුවේ නැහැ මං




අප ආ ගිය මග
ආයෙත් සැරයක්
පුරුදු සිනාවෙන්
කෙදිනක හෝ යළි
යන්න ලැබේ යැයි
සිතුවේ නැහැ මං...


බිදක් තරම්වත්
වෙනස් නොවී ඇති
ආදර ඔබෙ වත
හුස්ම පොදක
පමණක් කෙටි දුරකින්
කෙදිනකවත් යළි
දකින්න වේ යැයි
සිතුවේ නැහැ මං...


නැවතත්
ජීවත් වෙනවා මෙන්
මම
දැනුනෙ පින්බර
සිනාවකින්...
මියැදී තිබු හිත 
පුබුදු වුනේ ඔබේ 
දෑතේ පැටලුනු 
මගෙ දෑතින්...


- නිරෝෂ් මෛති‍්‍ර -
   2012/12/15



 

Sample text

Sample Text