Social Icons

Wednesday, June 6, 2012

අළුකල පෙම



සැළමුතු පෙමක
කෙළවර ඔබ
සිටියා ගව්
සියයක් දුරින්...
අළුකල පෙමක
සුන්බුන් රැගෙන
දුවයි සිත තවම
ඔබ යනෙන
මාවතේ...


පෙරදිනෙක මා හට
කිසිත් නැති දිනෙක
ඔබ ළඟින් උන්නා
බෝ සෙනෙහසින්...
ලෝකයම දිනා මම
අද හැරී බලන විට
ඔබේ සේයාවවත්
නොමැතිවිය
මා ළඟින්...


හිස් හැඟීම්
පිරුණු සිත
පොඩිකරන්
තෙරමින්
පීදෙනා මල් හැඟුම්
මගෙ පයට
පාගමින්
ජීවිතය ගෙවන්නම්
ඔබ තිළිණ කල
මළකදද සමග...


- නිරෝෂ් මෛති‍්‍ර -
2012/06/07

 

Sample text

Sample Text