Social Icons

Saturday, April 21, 2012

සමාවෙන්න





සමාවෙන්න මට !
- මට දැන්  ඕක කියන්න එපා..
ඇයි ඒ ?
- ඔයා  ඕක කියලා කියලාම සමාවෙන්න කියන වචනෙත් බාල්දුකරලා තියෙන්නෙ.
එහෙනම් මම මොකක්ද කියන්න  ඕනෙ ?
- සමාවක් ඉල්ලන්න  ඕන වෙන්නෙ නැති තැනට වැඩ කරන්න.
හරි මම මීට පස්සෙ එහෙම කරන්නම්.
- කී දවසකටද ?
හ්ම්ම්...
- උත්තරයක් දෙන්න බැහැ නේද ?
ම්ම්ම්...
- කමක් නැහැ ඔයා දිගටම සමාව ඉල්ලන්න.
ඇයි ඒ ? මාත් එක්ක තරහින් නේද ?
- නැහැ හොද මිනිස්සු කියන්නෙ වැරදි නොකරන අයට නෙවෙයි, වැරදි හදාගත්ත අයට.
ඔයාට හොද අවබෝධයක් තියෙනවා.
- ඔයාගෙන්ම තමයි ඒක ලැබුනෙ...


  - නිරෝෂ් මෛති‍්‍ර -

No comments:

Post a Comment

 

Sample text

Sample Text