Social Icons

Friday, May 10, 2013

චාපා 03



කලා උළෙලින් පසුව එක දිගට ඉගැන්වීමේ කටයුතු කෙරීගෙන ගිය නිසා පාසල තුළදී විවේකයක් ලැබුනේම නැත. පාඩම් රැසක් මගහැරීද තිබූ නිසා ආර්ථික විද්‍යාවට හා දේශපාලන විද්‍යාවට අමතර පන්ති දෙකකටද බැදුනේය. ආර්ථික විද්‍යාව සිතුවාට වඩා අමාරු වෙන තත්ත්වයක් උදාවෙන්නට පටන්ගත්තේ නොසිතුව පිරිද්දෙනි.
එබැවින් වැඩි බරක් දමා ආර්ථික විද්‍යාව සටහන් සම්පූර්ණ කරගත්තේය.

දිනක් ගම්පහ ආර්ථික විද්‍යා පන්ති නිමාවී දුම්රියපොළට එනවිට චාපාද එහි සිටිනු දැක මම පුදුමයට පත්විය. ඇය ඇඳ සිටියේ ලා නිල් පැහැති ලස්සන සල්වාර් එකකි. අද ඇය වෙනදාටත් වඩා සුන්දරය. ඇයද අමතර පන්ති පැමිණ ඇතිබව දැනගත්තේ ඇය අතේ දේශපාලන විද්‍යාව පොත්පත් තිබුණු නිසාවෙනි.ඇය සමග කතාකරන්නට සිතුනද මේ පාසල නොවන නිසාත් ඇය මාත් සමග එතරම් හිත හොද නැති නිසාත් ඇය මා සමග කතා නොකරාවි යැයි සැකයක් ඇතිවිය.
ටික වේලාවක් සිටින විට ඇය සමග තව දුරටත් කතානොකර සිටිය නොහැකි විය.වෙන දෙයක් වෙද්දෙන් කියා මා ඇය සමීපයට ගියේය.

"හලෝ මිස් මාව අදුනන්න පුළුවන්ද ..?"
කොච්චර ඩීසන් වෙන්න හැදුවද රස්තයාදුකාර වචන සෙට් එක ඉස්සරහට පනියි.

"ඔයා කොහෙද මෙහේ...?"
මම ඇසුවෙමි.

"ඇයි අපිට මෙහෙ එන්න බැරිද...?"

"අනේ නැහැ. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්නෙ. මිනිස්සුන්ට මූලික අයිතිවාසිකම් තියෙනවා. ඕන තැනක යන්න එන්න නිදහස තියෙනවා කියලා ව්‍යවස්ථාවෙම තියනවා..."

"අපෝ ඇති ඇති...ඇවිල්ලා සති තුනයි, පොලිටිකල් සයන්ස් කටපාඩම් කලාද...?"
චාපා සිනාසෙමින් ඇසුවාය. ඇය සිනාසෙන විට මට මෙතරම් සතුටක් දැනෙන්නේ ඇයි.
"ගෙදර යන්නද ඉන්නෙ..."

ඇය හිස වැනුවාය.

******************************************************

"උඹ ළඟදි ඉදන් එක විදියක්.."
විවේක කාලයේදි කල්ප මාත් සමග කතාවට වැටුනේය. චාමරද එතනට පැමිණියේ මගේ නරකම වෙලාවටය.

"උඹට විකාරද? මම මේ ඉන්නෙ දෙයියනේ කියලා..."

"අඩෝ එකට ඉන්න අපිට පොත් පෙරලන්න එපා.ඇත්තට අපිටත් හොරා මුකුත් උනාද උඹට...?"
මගේ මුහුනේ සිනාවක් ඇදුනේ චාපාව සිහිවීය. මුන් මේවා කොහොම දැනගන්නවාද?

"මුගේ නේද? මමත් නෝට් කලා. ළඟදි ඉදන් මුගේ මූණ හරි පෙම් පාටයි. උඹ දැක්කද කල්පයා මුගේ ඩෙස්ක් එකේ ලියලා තියෙන සින්දු. අම්මි ගහයි ටින් එකෙන්, ඔක්කොම තනි ඇහැට ඇඩෙන ඒවා..."
මම වටපිට බැලූවේ චාපා අහල පහල ඉන්නවාද කියාය. මුන්ගේ හැකර කටවල් වලින් වහන්න ඉතිං අම්මා තාත්තාටවත් බැරි උන එකේ මට පුළුවන්ද.

"ආ උඹත් පටන්ගත්තද? උඹේ අදහස් ටික විතරයි අඩුවෙලා තිබුනෙ. අනේ පල යන්න..."

"මේ සීරියස් අහන්නෙ ගිම්හානයා, ඇත්තටම මොකක්ද වෙනස? කවුරු හරී......"
මුන් දෙන්නට හොරෙන් වතුර උගුරක්වත් බිව්වත් මුන්ට සුවඳ එයි.

"නැතුවමත් නෙවෙයි, උඹලට පස්සෙ දවසක් කියන්නම්..."

"ඔය පැන්නෙ බැළලි පැටවුත් එක්කම මල්ලෙන් එළියට, මේ කියහංකෝ කවුද කෙල්ල කියලා..."
කල්ප පුටුවකුත් ඇදගෙන මා ආසලට ආවේ රස කාතාවක් ඇසීමට මෙනි.

"මම ගෙස් කරන්නද..?"
චාමර ඇසුවේය.

"කවුද..?"
මම ඇසූවේ කුතුහළයෙනි.

"චාපා........ මම හරිද..?"
මගේ මුහුණේ ඇදුනේ සතුටු සිනාවකි.ඇය ගැන මතක් වෙද්දී නිතර ඇදෙන සිනාව එයයි.

"අම්මට සිරි ඔය තියෙන්නෙ ස්මයිල් එක. උඹ නම් පුදුම පොරක් බං ඒක නෙවෙයි චාමරයා උඹ කොහොමද දැනගත්තෙ කෙල්ල චාපා කියලා...?"
"මම දැක්කා කලා උළෙල දවස්වල මූ චාපාට ප්ලග් වෙලා ඉන්නවා..."
චාමර සිනාසී කීවේය.

"හොදයි.. හොදයි.. කාට කාට හරි හරියනවනම්. හැබැයි පුතෝ මම හිතන්නෑ වැඬේ ලේසිවෙයි කියලා..."
කල්ප කියූ විදියට මගේ හිතේ ඇතිවූයේ බියකි.

"ඇයි ඒ? චාපාට බෝයි කෙනෙක් ඉන්නවාද..?"

"අම්මේ, මෙන්න දාඩියත් දාලා.. චාමර මූට චාමර සලපං, නෑ යකෝ මම මේ කිව්වෙ අපි දන්න විදියටනම් එහෙම සීන් එකක් නෑ. ඒත් චාපා එක විදියක්නෙ බං. කාත් එක්කවත් වැඩි කතාබහක් නෑ. ඉන්නෙත් සයිලන්ස් මෝඩ් එකේ.හැබැයි කෙල්ලනම් හරිම හොදයි."

මට මහත් සතුටක් දැනුනි. හිතට තිබුණු එකම බයනම් ඇයට මේ වනවිටත් පෙම්වතෙක් ඇතිය කියාය.දැන් ඒ බර හිතින් නිදහස්ය.

"දැන් උඹ මොකක්ද කරන්න ඉන්නෙ...?"
චාමර ඇසුවේය.

"අපි අහන්නද...?"

"අපෝ එපා. උඹ හදන්නෙ මේ තියෙන ඇයිහොදැයියත් නැති කරන්නද...?"

"හරි.. හරි.. උඹේ කැමැත්තක් අපි ඕන වෙලාවක සහයට ඩැනී ජොබ් එක කරනවා හරිය..."



වෙන්විමද ආරම්භයකි හමුවිය යුතු...


(චාපා 04 වන කොටස සමගින් හමුවෙමු...)


- නිරෝෂ් මෛති‍්‍ර -
   - 2004 -



මෙතනින් (චාපා 04)
මෙතනින් (චාපා 05)
මෙතනින් (චාපා 06)
මෙතනින් (චාපා 07)


5 comments:

  1. අඩේ ........... තවත් මෙගා එකක් .... කොටස් සේරම බැලුවා ... දැන් මෙගා 4ක් තියෙනවා බ්ලොග් ලෝකේ ඇ .....
    ඇත්ත එකක්ද ? නිර්මාණයක් විතරද ?
    දැනට තියෙන මෙගා වලින් දෙකක් ඇත්ත ..... මේකත් ඇත්ත නං තුනයි .

    ReplyDelete
  2. @දිනෙල්ක - අනේ නෑ මචං මේක ඇත්ත එකක් නම් නෙවෙයි. හැබැයි මේක ගැන කියන්න ඕන දෙයක් තියෙනවා. ඒක මම කතාවෙ අන්තිමට කියන්නයි ඉන්නෙ.

    ReplyDelete
  3. "අම්මේ, මෙන්න දාඩියත් දාලා.., ridam1.. ammME , MEnna DAdiyath DAla. චාමර මූට චාමර සලපං patta

    ReplyDelete

 

Sample text

Sample Text