Social Icons

Wednesday, January 22, 2014

ගෑණු ටික ගොන්නු නම් අපි කවුද?



      අන්තර්ජාලය පුරාවටම මේ දිනවල ප‍්‍රචාරය වන්නේ ඡන්දය ඉල්ලන ගෑණු ටික විවේචනය කරනා ලද නොයෙකුත් අදහස්ය. 
"මුන්ව යවලා පාර්ලිමේන්තුව බඩු පොට් එකක් කරපල්ලා, ජීනා මැඩම් මහ ඇමති කරපල්ලා, මෙන්න නදීශාගේ බිකිනි ෆොටෝ සෙට් එක, මුන්ට ඡන්දෙ දෙන උන් පිදුරු තණකොළ පුන්නක්කු කාපිය" වැනි ඉතා ශ්‍රේෂ්ඨ අදහස් දහසකුත් එකක් ඉතා සුළභය. නමුත් අසන්නට ඇති පැනය නම් ඡන්දෙ ඉල්ලන බඩු ලෙස හදුන්වන මෙම කාන්තාවන් තණකොළ නොකනා මේ බුද්ධිමත් මහත්වරුන් පත්කර යවා ඇති මිනීමරුවන්ගෙන්, කුඩ්ඩන්ගෙන්, කසිප්පුකාරයන්ගෙන්, ස්තී‍්‍ර දූෂකයන්ගෙන්, නිදන් හොරුන්ගෙන්, සුනාමි හොරුන්ගෙන්, බඩුකාරයන්ගෙන්, LTTE කාරයන්ගෙන්  වෙනස්වන්නේ කෙසේද යන්නයි.

එම සුපේක්ෂල, ශික්ෂාකාමී, පන්සිල් රකින සැදැහැවතුන්ගෙන් ඇසීමට ඇත්තේ ඉතාමත් සරල ප‍්‍රශ්න කිහිපයකි. එනම්,

01. උපේක්ෂා ස්වර්ණමාලි පාර්ලිමේන්තුවේ කතාකරන ගොන්පාට් එක කෙහෙළියගේ කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍ය හමුවෙන් වෙනස්වන්නේ කෙසේද ?

02. නදීශා බඩුවක් නම් එම සේවාව ලබාගැනීමට යන උදිත් ලොකුබණ්ඩාර හෝ කෙහෙළිය රඹුක්වැල්ල උතුම් වන්නේ කෙසේද ?

03. සිනමා නිළි ගීතා ගණිකාවක්නම් ජීනා මැඩම්ගේ ගණිකා නිවසේ සිට පැනගිය සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායක පෙරුම් පුරන බොධිසත්වයෙක්ද ?

04. සින්දු කියන ජිංජර්ට පළාත් සභාවට ඒමට නොහැකිනම් සිංදු කියන කරුණාරත්න දිවුල්ගනේ උතුරුමැද පළාත් ආණ්ඩුකාරයා වූයේ කෙසේද ?

05. බිකිනි ඇන්ද ගයේෂා පෙරේරාට මැතිසබයට ඒමට නොහැකිනම් එම මැති සබයේම සරම උස්සා පෙන්වූ මහින්ද රත්නතිලක අසුන්ගෙන සිටින්නේ කෙසේද?

06. පියාගේ මරණයට වගකිවයුතු අය සිටිනා ආණ්ඩුවක එකට සිටීමට හිරුණිකාට නොහැකිනම් අතිජාත මිත‍්‍රයා මැරූ අය සමග ඩලස් අලහප්පෙරුමත්, ඩිලාන් පෙරේරාත් එකට වාඩිවී සිටින්නේ කෙසේද ?

07. හාල් කිලෝවක ගාන නොදන්නා මල්ශා කුමාරතුංගට ඡන්දය ඉල්ලිය නොහැකිනම් 2500 කින් අත දරුවෙකුටවත් මාසයක් ජීවත්විය නොහැකි බව නොදන්නා බන්ධුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවූයේ කෙසේද?




Friday, January 17, 2014

උගත් පෙම්වතියට අමතකවූ ව්‍යාධිගත රෝගය



      මොනවාම හරි ලියනවා වෙනුවට ලියන්නට උනන්දුව ඇති කරන සිදුවීමක් පහුගිය දවස්වල සිද්ධ උනා. ඒ තවත් බ්ලොග් එකක නිර්නාමිකව මම ගැන තියෙනවා දැකලා. ඒක බලපු වෙලේ ඉදන් මම බඩ අල්ලන් හිනා උනා මදිවට මේ වගේ චරිතත් මේ ලෝකෙ ඉන්නවා නේද කියලා මාර ආතල් එකක් ආවෙ. කොහොම උනත් ඒ චරිතෙ එදා ඉදන් අද වෙනකන් මට ගෙනත් දුන්නෙ පුදුමාකාර විකාර ලෝකයක්. ඒ ලෝකෙ මම හිර නොවීම ගැන දැන් ඇතිවෙන්නෙ කියලා නිමකරන්න බැරි සතුටක්.
මේ ලියමන කියවන බොහෝ අයට එය තේරුම්ගැනීම අපහසුවනු නියතය. මන්ද එය පෞද්ගලික චරිත හා සිද්ධි කිහිපයක් වටා ලිවීමට බලාපොරොත්තුවන බැවිනි. වෙන අර්ථයකින් කියනවානම් මෙය හුදෙක් මගේ හිතසුව පිණිසම පමණක් ලිවීමට බලාපොරොත්තුවන ලියමනකි. එබැවින් මා පෙර ලිවූ මගේ උගත් පෙම්වතී ලියමන මෙන් බොහෝ අයට මෙය නොතේරෙනු ඇත. නමුත් කරන්නට දෙයක් නැතිය. මෙය නොලියාද බැරිය.
මනෝවිශ්ලේෂණ අර්ථකථනයන්ට අනුව ‛ස්ත්‍රිය’ යනුවෙන් කෙනෙක් භාෂා ලෝකයේ හැඟවුම්කාරකයක් ලෙස නොපවතියි. එම අදහස ඉතාම රැඩිකල් අදහසකි. ස්ත්‍රීවාදයේ මූලික අත්වැරදීම මනෝවිශ්ලේෂණයට අනුව නිර්වචනය කරන්නේ නම් එය මෙසේය. ස්ත්‍රිය තමා ස්වාධීන, ස්වායත්ත මනුෂ්‍යයෙක් බව වටහා ගන්නේ ඇයට පුරුෂ සංකේත ලෝකය තුළ “සාරයක්” (ESSENCE) නැති බව අවබෝධ කර ගැනීම තුළය. යම් ස්ත්‍රියක් තමන්ට සාරයක් ඇතැයි සිතා ෆැන්ටාස්මති පුරුෂයකු හෝ උතෝපියානු පුරුෂාධිපත්‍යයක් විචාරය කරන්නේ නම් ඇය ස්ත්‍රියක් නොව හිස්ටෙරිකයෙකි. හිස්ටෙරික ප්‍රශ්නය මෙසේ සාරාංශගත කළ හැක. ‛ඔබ කියන කෙනා බවට මම පත්විය යුත්තේ ඇයි?’
යම් කිසි ස්ති‍්‍රයක් පළමුවරට පුරුෂයෙක් සමග සම්බන්ධයක් පවත්වාගෙන යයි. එහිදී අනෙකුත් ආදර සම්බන්ධතාවලට පොදු කාරනා ඔවුන් වටාද භ‍්‍රමණය වෙයි. ඒ අනුව Love sms, රණ්ඩු සරුවල්, සිප වැළදගැනීම් යනාදී පොදු කාරනා ඔවුන් අතරද සිදුවෙයි. අවසනදී ලෝක ස්වභාවයට අනුව එම සබදතාවය බිදී යයි. ඉන් අනතුරුව අධ්‍යාපනික සුදුසුකම් වලින් පිරිපුන් දෙවනි පෙම්වතා කරළියට එයි. (දෙවනි පෙම්වතාගේ ගණනය කිරිම්වලට අනුව ඔහු කරලියට ආවේ මීට බොහෝ කලකට පෙරය :P ) පෙම්වතිය ඔහුට පෙම් කරන්නේ මුල් පෙම්වතාගේ නුගුන කියමිනි. ඇය ඔහුගේ නමවත් මතක් කිරීමට අකමැති වීමෙන් නොනැවතී දෙවනි පෙම්වතාගේ පැරණි පෙම්වතියගේ නමද මතක් කිරීමෙන් කිපීමට ලක්වෙයි. (අපි එය මනෝ ව්‍යාධිගත රෝගයක් ලෙස නොසලකා සාමාන්‍ය මිනිස් ස්වභාවය ලෙස නම් කරමු)  

පෙරසබදතාවය ගැන මනෝමූලික චිත‍්‍රයක් මුලසිටම ගොඩනගාගෙන සිටින නවක පෙම්වතා පෙර සබදතාවයේ ලිංගික කරුණු සම්බන්ධයෙන් ඇයගෙන් ප‍්‍රශ්න කරන තැනකට කෙමින් කෙමින් තල්ලුවෙයි. ප‍්‍රශ්න කිරීම අවසානයේ අත උස්සන තැනටද, පයින් පාගන තත්ත්වයටද පත්වන්නේ නව 'අයියා' 'ප*යා' කරවමිනි. ඒ මදිවට ඔහු පැරණි පෙම්වතා අමතාද ඔවුන්ගේ පෙම්පලහිලව්ව තුළ ඇතිවූ අතිශය පෞද්ගලික කාරණාගැන ප‍්‍රශ්න කරයි. (එම රෝගයට අප හිස්ටීරියාව යැයි නොකියමු). විවාහවීමට ඔන්න මෙන්නයි කියා තිබියදී එම සබදතාවයද කටුගා දමා නැවත කොළඹ එන පෙම්වතිය උදව් ගන්නේ ඉපැරණි, නමවත් මතක් කරනවාට අකමැතිවූ පෙම්වතාගෙනි. ඒ වන විට ඔහුද වසර එකහමාරක සබදතාවයක් පවත්වා එය බිදීගිය දුකෙන් පසුවන්නේ තවමත් ඇයට ආදරය කරමිනි. ඔහු දෙවන වරට පැවති පෙම් සබදතාවය ඉපැරණි පෙම්වතියගේ වත්මන් විශ්ලේෂණයට අනුව පර ස්ත‍්‍රියක් අරඹයා පැවති එකකි. එය ඇගේ වචනයෙන් මෙසේ පැහැදිළි කරගනිමු.

"කායක්‍ ‍මං‍ ‍තා ‍ගින්‍ ‍ආශ් ‍පු ‍කෙනෙක්‍‍ ‍ඩිලූශන්‍ රි ‍ලූශන්‍ රි ‍කි ‍නම්‍ පු ‍ලෙඩේ‍ මාරාන්‍‍ති ‍හැදි ‍තිබුනාදාවත්‍ ‍බා ‍ගන්‍‍ ‍බැරි ‍වෙනත්‍ ‍පුරුයෙකු ‍යිති ස්‍‍තිරියක්‍ ‍කෙරෙහි ‍ලෝ ‍කින්‍ ‍හු ‍දුක්‍ ‍වින්‍‍දා ‍විරක්‍ ‍නෙවෙයි ‍ ‍ගැ ලෝයා ‍පාරම්‍ ‍බෑවාමා ‍ජා ‍වෙබ්‍ ‍වි ‍ල boot status ‍දැම්‍‍මා.ටි ‍කායක්‍ ලන්‍ ඉන්‍‍කො ‍යි ‍ ‍තේරුනේ ප්රේයෙන්‍ මිනිස්‍‍සු ‍විදි ‍ශෘං‍‍ගා ‍මේ ‍හායා‍ විදින්‍‍නෙ ‍ ස්ත්රියක්‍ ‍වෙනුවෙන්‍ ‍මැවුනු ‍දාවත්‍ හැබෑ ‍නොවෙ ‍හීකින්‍ ‍කිලා. ප්රේ ‍ඩා ‍විවේ ‍හක්‍ තියෙ ‍ ‍හී ‍ ‍ ‍ඛේවායක්‍."

දැන් අපි නැවතත් මුල් කතාවට යමු...
නැවතත් කොළඹ පැමිණි ඉපැරණි පෙම්වතිය මුල් පෙම්වතාට මුලින් පවසන්නේ තමන් කොළඹ රැකියාවට පැමිණියේ ඉතාමත් අසීරුවෙන් 'අයියා' නැමති පෙම්වතා කැමති කරවාගෙන බවයි. නමුත් ඇය නිතර දෙවේලේ දුරකථන ඇමතුම් ගන්නා බැවින් මුල් පෙම්වතා අසනුයේ තමන්ට මෙසේ අමතන බව 'අයියා' නම් පෙම්වතා දන්නවාද යන්නයි. ඒ අවස්ථාවේ දෙලොව රත්වෙන පිළිතුරක් දෙමින් ඇය පවසන්නේ එම ආදරය කටුගා දමා කොළඹ පැමිණි බවයි. පසුව ඇය මුණ ගැසුන අවස්ථාවක පසුගිය තිත්ත අතීතය වමාරන ඇය තමන්ට ඇතිවූ තාඩන පීඩනයන්, රැවුම් ගෙරවුම්, අතපය විසිකිරීම් පිළිබදව දීර්ඝ පාපොච්චාරණයක් කරයි. ඇය හඩමින් පවසන්නේ තමන් මුල්පෙම්වතාට කල පවු වලට රිටර්න් එක තමන්ට ලැබුන බවයි. නමුත් මුල් පෙම්වතා ඇයව සනසමින් තමන්ද සබදතාවයේදී කල දහසක් වැරදි සිහිපත් කරමින් එය ඇගේ වරදක් පමණක් නොවන බව පවසා වැඩිගොඩ තමන් සතුකර ගනියි.

කාලය දින එක දෙක ගෙවී යනවිට පැරණි පෙම්වතියගේ වෙනස්කම් එකින් එක මතුවන්නට ගනියි. ඇය ගෙදර තිබූ දානයක බත් එකක් අමාරුවෙන් පොදි බැදගෙන පැරණි පෙම්වතා බලන්නට කාර්යාලය අසලට එයි. පැරණි පෙම්වතා එයට කිපෙයි. මග දිගට ඇය කුඩය ඔහුට අල්ලයි. ඔහුට මල පනියි. ඇය ස්වයංකී‍්‍රයව නැවතත් පැරණි පෙම්වතියගේ තත්ත්වයෙන් මිදී පෙම්වතියම වීමට සැරසෙන බවක් පෙනෙයි.
දිනක් ඔහු මුණගැසුන පැරණි පෙම්වතිය අසන්නේ අපට සියල්ල අමතක කර පෙර පරිදි සිටිය නොහැකිද යන්නයි. මෙය තවත් දුරදිය යාවියැයි සිතූ ඉපැරණි පෙම්වතා පවසන්නේ තමන් තවමත් ආදරය කරනුයේ ඇයට පසුව මුණ ගැසුන කෙනාට බවත් ඇය හිමිවූවත් නැතත් එහි වෙනසක් නොවන බවත් ඇයගෙන් තොර වෙන කෙනෙකුන් ගැන සිතීමට ඔහුට අපහසු බවත්ය. මෙවැනි පිළිතුරක් කිසිසේත් බලාපොරොත්තු නොවූ මුල් පෙම්වතියගේ නෙතඟ පිරෙන්නේ කදුලකි. නමුත් ඇයගේ අතීත කි‍්‍රයාකලාපය ගැන බරපතල විවේචනයක සිටින පැරණි පෙම්වතා උදව් කිරීමකින් එහා ආදර සබදතාවයකට යාමට සූදානම් නොවුනේ නැවතත් සිදුවන දෙය සක්සුදක්සේ දැනසිටිය නිසාය. ඇයගේ Facebook පිටුවෙහි පලවෙන Status තුළින් ඇයගේ මනෝභාවයන් ලෝකයාට ප‍්‍රදර්ශනය කළාය. ඇය අමතන ලද මුල් පෙම්වතා කීවේ මෙවැනි විකාර පලකර ලෝකයට සිනාසීමට අවස්ථාවක් නොදෙන ලෙසයි. (වත්මන් විශ්ලේෂණයට අනුව ඇයට අතීතයේ අත්‍යාවශ්‍යම කොටස් අමතකවී ගොස් ඇති සෙයකි. ඒ අනුව ඇයගේ Status පල කිරීම් අමතකවී මුල්පෙම්වතා පමණක් ව්‍යාධිගත තත්ත්වයක පිහිටා Status දමා ඇත)
ඉන් පසුව දිනෙක නැවතත් ඇය ඔහුට විද්යුත් තැපෑලයෙන් ලිපියක් එවයි. එය මේ ආකාරයක් ගනියි.

මට ආදරේද හ්ම්...???? එක පාරක් කියන්න ඔව් කියලා. මට මුලු ජීවිත කාලෙටම ඒ ටික ඇති. මං දන්නවා එහෙම ඔයාගෙන් අහන එක සාධාරන නෑ කියලා. ඒත් මං ආසයි තාමත් ඔයාගෙ සුවදට. මං සෑහෙන්න දුර ගිහින් ආයෙමත් ඔයාගෙ ජීවිතේ විනශ කරන්න ඇවිත් ඉන්නව කියල හිතන්න එපා. මං හරි නරක කෙනෙක් කියල හිතල මට එක පාරක් සමාව දෙන්න කියල කියන්නවත් මං වටින්නෙ නෑ කියල මං දන්නවා. ඒත් ආයෙත් පරන දවස් වල මතක වලින් මගෙ හිත ආයෙ හුස්ම ගන්න හදන බව මට තේරෙනවා. ඔයා ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියල ඔයාම කියද්දි මන් ආයෙත් බලාපොරොත්තු ඇති කරගන්න හදනවා. ඔයා දැන් මට නෙවෙයි ආදරේ වෙන කෙනෙක්ට කියල දැන දැනත්. මං මේ කියන කතා බොලදයි තමයි.ඒත් කවුරු හරි ඇහුවොත් මගේ ජීවිතේ තියෙන්නෙ කොතනද කියලා මං කියනවා beach එකේ අපි හිටපු තැන එතන තමයි මගෙ ජීවිතේ තියෙන්නෙ කියලා බොලදයි නේද? ඔයා හිනා වෙනවා නේද? ඒත් මං මොනා කියල කරන්නද. අතීතෙ අමතක කරල දාන්න මට ඕනෙ. අලුත් ජීවිතයක් පටන් ගන්න මට ඕනෙ ඒත් මං දන්නවා දැන් ඉතින් කවදාවත් මට එහෙම බෑ කියල.
මං තවමත් ඔයාට ආදරේ බව කිව්වත් ඔයා පිලිගන්නැති බවත් මං දන්නවා. මගේ ජීවිතේ ලැබීම් මෙච්චරයි මෙතනින් එහාට තියෙන්නෙ නොලැබීම් විතරයි කියල කොච්චර හිත හදාගන්න හැදුවත් මට බෑ. මුලු ජීවිත කාලෙම මට ඔයා නොලැබුනත් මං ජීවත් වෙනවා එහෙම බලාපොරොත්තුවක් වෙනුවෙන්...."

මුල් පෙම්වතා එයට පිළිතුරක් නොලියන අතර ඇය හමුවූ විටෙක නැවත වරක් පවසන්නේ ආයෙමත් ආදරෙන් සිටින්නට හැකියාවක් ඇත්නම් ඒ ඔහුට හමුවූ දෙවන පෙම්වතිය සමගින් පමණක් වන බවයි. ඒ අනුව දෙවන වරද බඩු මුට්ටු අස්පස් කරගත් ඇය ගම රට බලා පිටත්ව යයි. ඉන් දින කිහිපයකට පසුව ආරංචි වන්නේ ඇය පෙර කී දෙවන පෙම්වතා වන 'අයියා' සමග නැවත වරක් පෙමින් වෙලී විවාහයට දින ගණිනා බවයි.

දැන් අප එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ අද්විතීය නිර්මාණයක් වන 'මනමේ' නාටකයේ එන මේ පැදිපෙල කියවා බලමු.

මනමේ රජු ඔබ - ගෙල සිදලන්ටා
කඩුව ඉල්ලු සඳ - ඔහු වලකන්ටා
කළ තැත දුටුවද - ඔබ ගලවන්ටා
සිතුණෙ කඩුව ඔබ - අතටම දෙන්ටා

මෙම පෙම් පුවතේ එන පෙම්වතිය නිතැතින්ම සිහිගන්වන්නේ මනමේ කතාවේ එන මනමේ කුමරියගේ චරිතයයි. සටනින් මනමේ කුමරු මියගිය පසුව අසරණ වන මනමේ කුමරිය සරණක් නොමැති බව දැනගෙන වැදි රජුට පවසන්නේ තමන් කඩුව ගත්තේ වැදි රජුට දීමට මිස මනමේ කුමරුට දීමට නොවන බවයි. ඇයට අවශ්‍ය වන්නේ සරණකි. එතනින් නොනැවතුන ඇය වත්මන් පෙම්වතාගේ විශ්වාසය දිනාගැනීමට නොයෙකුත් දේ පවසයි. ඇයට වරදින්නේද එතැනමය. 
දෙවන පෙම්වතා මුණ ගැසුන පෙම්වතිය ඔහුගේ විශ්වාසය දිනාගැනීමට මුල් පෙම්වතා පතුරු ගැසුවේය. (වරෙක එම ගැසූ 'පතුරු කොටස්' දෙවන පෙම්වතා මුල් පෙම්වතාට පෙන්වූයේය) නැවත දෙවන පෙම බිදී මුල් පෙම්වතා ළඟට එන පෙම්වතී දෙවන පෙම්වතාගේ නුගුණ කීවේ මුල් පෙම්වතාව දිනාගැනීමටය. ඇය දෙවන වරටත් දෙවන පෙම්වතාගේ තුරුළේ හිදිමින් මුල් පෙම්වතාව පතුරු ගැසුවොත් එය පුදුමයට කාරනයක් නොවන්නේය. ඒ අනුව ඇය කි‍්‍රයා කලේ ඓතිහාසිකව එන ස්ත‍්‍රී චරිතයට අදාල රංගනය මිස වෙන අන් යමක් නොවන්නේය.
මුල් පෙම්වතා සම්බන්ධයෙන් ඉහතින් සදහන් ඇයගේ නිගමනයක් මෙසේය.

"ක‍ව‍දා‍වත්‍ ‍ල‍බා ‍ගන්‍‍න ‍බැ‍රි ‍වෙ‍නත්‍ ‍පු‍රු‍ශ‍යෙ‍කු‍ට ‍අ‍යි‍ති ස්‍‍ති‍රි‍යක්‍ ‍කෙ‍රෙ‍හි ‍ලෝ‍භ ‍ක‍ම‍කින්‍ ‍ඔ‍හු ‍දුක්‍ වින්‍‍දා ‍වි‍ත‍රක්‍ නෙ‍වෙ‍යි ‍ඒ ‍ගැ‍න ‍ලෝ‍ක‍යා‍ට ‍පා‍රම්‍ බෑ‍වා. ප්‍රේ‍ම‍යෙන්‍ මි‍නිස්‍‍සු ‍වි‍දි‍න ‍ශෘං‍‍ගා‍ර‍ය ‍මේ ‍හා‍ද‍යා‍ වි‍දින්‍‍නෙ ‍ප‍ර ස්‍ත්‍රි‍යක්‍ ‍වෙ‍නු‍වෙන්‍ මැ‍වු‍නු ‍ක‍ව‍දා‍වත්‍ හැ‍බෑ ‍නො‍වෙ‍න ‍හී‍න‍ය‍කින්‍. ප්‍රේ‍ම‍ය‍ට ‍ව‍ඩා ‍වි‍ර‍හ‍වේ ‍ර‍හක්‍ ති‍යෙ‍න ‍බ‍ව ‍ඇ‍ද‍හී‍ම ‍එ‍ක ‍අ‍ත‍ක‍ට ‍ඛේ‍ද‍වා‍ච‍ක‍යක්‍."

එසේම ඇය එවනා ලද ඊමේල් ලිපිය අවසන් කරන්නේ මෙසේය.

"මගේ ජීවිතේ ලැබීම් මෙච්චරයි. මෙතනින් එහාට තියෙන්නෙ නොලැබීම් විතරයි කියල කොච්චර හිත හදාගන්න හැදුවත් මට බෑ. මුලු ජීවිත කාලෙම මට ඔයා නොලැබුනත් මං ජීවත් වෙනවා එහෙම බලාපොරොත්තුවක් වෙනුවෙන්...."

ඇයටම අනුව ඇය විරහවේ රහ වෙනුවෙන් ජීවිත කාලයම විදවීමට සූදානම් උදාර කාන්තාවකි. නමුත් ඒ අතීතයේය. දැන් ඈ අලුතෙන් පොතක් කියවා ෆැන්ටසියක් සාදාගෙන එයට සමාරෝපනය වී ඇත. එයට අනුව ඇය නව චරිතයකට කිදාබැස අන් අයගේ ව්‍යාධිගත රෝග දෙස බලන්නේ සානුකම්පිතවය. නමුත් සැබෑ ලෝකයට අනුව ඇය ඩි‍ලූ‍ශන්‍ ‍හ‍රි ‍ඉ‍ලූ‍ශන්‍ ‍හ‍රි ‍කි‍ය‍ල ‍න‍මක්‍ ‍දා‍පු ‍රෝගය පිළිබදව කප් ගැසූ රෝගියෙකි. තව අර්ථයකින් කියනවානම් ඇය නරුමවාදයට කදිම උදාහරණයකි. එනම් තමන් විසින් ගොඩනගාගන්නා ෆැන්ටසිය වෙනුවට තමන් යටත් කරගන්නා ලද බලවේගයට විවේචන ඉදිරිපත් කිරීමට ඇය නොපැකිලෙයි. නමුත් සැබෑව නම් තමන් තුළ තිබෙන ෆැන්ටසිය බාහිරට ප‍්‍රකාශකරන්නට නොහැකි නිසාවෙන් මවාගත් දුෂ්ඨ බලවේගයක් විෂය (Subject) ලෙස ගෙන එයට පහර දීමය. 
ඇයගේ විනෝදය කුඩු පට්ටම්වීම ගැන ඇය සිටින්නේ ද්වේශයෙනි. ඒ පළමු පෙම්වතා සමගින් පමණක් නොව, ඔහුට දෙවනියට ළංවූ පෙම්වතිය කරාද පැතිරී ගිය එකක් බව ඇයගේ ලියවිල්ලෙන් පැහැදිලිය. මන්ද ඇයගේ විනෝදයට බෝම්බ දැමූ පළමු පෙම්වතාගේ මානසික ව්‍යාධිය යැයි ඇය කල්පනා කරන්නේ දෙවනි පෙම්වතිය බැවිනි. 
අවසානයේ ඇයට අවශ්‍යදේ සිදුනොවුනි. සරණට සිටියේ අතපය ඉස්සුවද 'අයියා' නම් පෙම්වතාය. නැවතත් මුල් හිස්ටෙරික ප්‍රශ්නය අසනාවානම්,
ඔබ කියන කෙනා බවට මම පත්විය යුත්තේ ඇයි ?'
තවත් පොතක් කියවා තමන්ට හිමි ලෙඬේ සොයාගන්නැයි අපි ආරාධනා කරමු...



- නිරෝෂ් මෛති‍්‍ර -
2014/01/16


Saturday, November 9, 2013

චොගම් ආතල්



     තම යටත් විජිතයන් එකින් එක බිදී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය කුඩුපට්ටම් වී යද්දී ඔවුන් නැවතත් නව යටත්විජිතකරණයක් ව්‍යංගයෙන් ගොඩනැංවූයේය. එයට තැබූ නම "පොදුරාජ්‍ය මණ්ඩලය" නම් විය. තම කොළනි නැවතවරක් අනියමින් තම යටතට ගෙන එක් එක් රටවල සමළු පවත්වා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය අදටත් උත්කෘෂ්ටත්වයේ පවත්වාගෙන යාමට ඔවුන් වගබලාගත්තෝය. එහෙව් ඊනියා මන්ද මානසිකත්වයකට, එදාවේල කන්න නැතත් අධිවේගී මගේ අසිරිය ආවඩන දුප්පත් රටවල් ලැබෙන ලබ්බක් නැතත් 'චොගම්' 'චොගම්' කියා කෑමොර දුන්නෝය. ලැබෙන්නේ මොනවාදැයි ඇසූ කල ඔවුන් මුහුණෙන් මුහුණ බැලූහ. චොගමයට යාමට ඇමැත්තෝ අලුත් ඇදුම් ඇන්දෝය. රණ්ඩුවකදී බිදීගිය මගුල් ජායාරූපය තවමත් ගේ මුල්ලේ තිබියදි "මට චාල්ස් කුමාරයා එක්ක පොටෝ එකක් ගන්නම ඕනෑ" යැයි ඇමති බිරිදෑවරුන් හඩා වැටුනෝය. චොගමය ගැන වාක්‍ය රචනයක් ලියාගන්නට කරුණු නොදන්නා මාධ්‍යවේදින් ඔවුන්ගේ හැදුනුම්පතේ ජායාරූප ගෙන මුහුණු පොතේ දැමුවෝය. අහිංසක සිවිල් වැසියන් අමු අමුවේ මරාදමන චිත‍්‍රපට සාදා අහස පොළොව නුහුලන බේගල් මවා පෑ කාලකන්නි සරපයින් යැයි කියූ චැනල් ෆෝමාධ්‍යවේදීන් රතුපලස් මතින් මෙරටට ඒමට නියමිතය. ඔවුන්ගේ මව්ගුණ ගී ගැයූ ඇමැත්තෝ චොගම් යෑමට රැවුල කැපීමට බාබර් සාප්පුවට ගොස්ය. 

දැන් ඉතින් අපට හිටගෙන පණ ගියද කම් නැත. ගෑණු දුසිම් පහ හයද සමග ස්වාසිලන්තයේ රජා කොළඹ හෝටලයට යනතුරු වැසුණු පාරේ ගිලන්රථයේ සිටින හදවත් රෝගී ලෙඩා උඩුකුරුංඤං ගැසුවද අප දිලිසෙන බෙන්ස් රථ බලා සැනසෙනවා හැරෙන්නට වෙන කල හැකි යමක් නැත. ආදරණීය චොගම් ඔබ එනතුරු අප පෙරුම් පිරුවෝය. දින ගැන්නෝය. මග රැක්කෝය. ගල් ගිල්ලෝය. අද සිට ඔබ අප සමගය. දැන් අපට දුකක් නැත. අප සතුටිනි. විදවන්නේනම් නැත. අද නිහඩ නන්දා මාලනිය එදා කියූවේ මෙසේය.



බුදුන් දහම් සඟ තෙරුවණ වැඳ අවසර රුගෙන සියල්
අසන් මහතුනේ අනාථ රටක ගැයෙන විරිදු සුරල්
(කේන්තියට කියන විරිඳු)

මේ අනාථ රට ඉස්සර සකල සිරින් පිරුණු රටක්
බුදුන් පවා පය තිබ්බා උතුම් හිතින් දෙතුන් විටක්
(බුදුන් උන්නෙ එහා රටේ)

රට රටවල මහ ඇත්තන් පතල මහා කරුණාවට
ඇවිත් එ’රට කළ කොඩිවින කපන්න බැහැ මේ කපේට
(කාගෙත් ඇස් යොමු වුනු රට)

ගෙරි හංකඩ එලා ගන්ට කොළඹට ආ පරංගියා
අපේ රටම හූරාගෙන උගේ රටට අරන් ගියා
(කොයි පරයත් එහෙම තමයි)

ඉඟුරු දීලා මිරිස් ගත්ත
මෝඩ අපේ රජ දරුවෝ ලන්දේසින් ඉංග්රීසින්
කැන්දාගෙන වින කොටුවෝ
(ඒක සැබැයි සැබැයි සැබැයි)

බේරගන්ට පුළුවන් නම් රජ දරුවන් හට ඔටුන්න
සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න
(රජ පුටුවේ මළත් සැපයි)

එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනව
දළදා මාළිගෙත් අරන් උන් දවසක යන්න යනව
(හෙටත් වෙන්න ඉඩ තියෙනවා)

කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයො කොටි
කෙළ හලනව තළු මරනව අල්ලපු රටවල හොටබරි
(උකස් කරල රන් දූපත)

පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අඳුනගන්ට
තමුන්ගෙ වාසියට මිසක් උන් ඒවිද පිහිට වෙන්ට
(පෙරුම් පුරන බෝසත්වරු)

පෘතුගීසි ලන්දේසී ඉංග්රීසි කාලෙ වගේ
කල දවසක් ආයෙ එතොත් මොකටද ලක් මෑණි මගේ
(ඒ පව අප පිට වැටේවි)

රට වටකර වැට බඳින්ට කැති මන්නා ගන්ට වෙනව
වැටට උඩින් පනින උන්ට මන්න පහර දෙන්ට වෙනව
(සාධාරණ පහරදීම)

සිහළු අපේ දෙමළු අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ
උන් කඳවරු බඳින දිනේ පරයන්ගේ බොටුව කැපේ
(අනාථ රට සනාථ වෙයි)



- නිරෝෂ් මෛති‍්‍ර -
2013/11/09

Wednesday, October 16, 2013

සරසවි සිහිනය



       ක්කට අලුතින් ලැබුණු සිඟිත්තාව බලන්නට කාර්යාලයෙන් පිටවූයේ දහවල් 2 ට පමණය. හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ නගරයට ඇතුළු වද්දිම මතකය දිවගියේ මීට වසර 7ක් පමණ ඈත අතීතයටය. අළුතින් ඉදිවූ ගුවන් පාලම නුගේගොඩ නගරයේ තිබූ අතීත සුන්දර සැකැස්ම එහෙම්පිටින්ම වෙනස්කොට ඇත. එදා නුගේගොඩට එනවිටම ඇස ගැසෙන්නේ ඒ සුවිශාල බෝ ගස උවත් අද නෙතගැටෙන්නේ ගුවන් පාලමය. 

"මචං අපි ඇවිත් ඉන්නේ බෝගහ ගාව.අනිත් උනුත් මෙතනට සෙට් වෙනවා. ඉන්න මගුලකින් වරෙන් ඉක්මනට..."

එදා ඒ බෝගස නුගේගොඩ අමතර පන්ති යන බොහෝ දෙනෙකු වෙන වෙන ගමන් යාමට එක්රැස්කර ගන්නා නගර සලකුණක්ද විය. කෙසේ වෙතත් ඒ නගරය දැන් නුහුරු නුපුරුදු වන තරමටම වෙනස්වී ඇත. ඒ විනාඩි කිහිපයට මහගොඩක් දේවල් කල්පනා වූයේ මා ඒ නගරයට ඇත්තටම ආශා කල නිසා විය යුතුය.

හොදම සිදුවීම සිදුවූයේ නුගේගොඩ හංදියෙන් වමට හරවනවාත් සමගමය. කාලෙකින් හොදම මිතුරෙකු දුටු කලෙක මෙන් පාරෙන් එහා පැත්තේ තිබූ සරසවි පොත්හල දැක නොදැනීම තිරිංග තදවුණි. එය දැක මට මේ තරම් සතුටක් දැනුනේ ඇයිදැයි මා නැවත ගෙදර පැමිණි පසුද කල්පනා කලේය. මොහොතක් සරසවිය දෙස බලා සිටි මට එයට ගොඩවීමට දැඩි ආශාවක් ආවද දැනටමත් ප‍්‍රමාදවී ඇති බැවින් ආපසු එන එන ගමනේ සරසවියට යන බලාපොරොත්තුවෙන් නැවත වාහනය පණ ගැන්වූයේය. රොටරියේ අමතර පන්ති දවස්වල මා වැඩි කාලයක් ගෙවූයේ සරසවියේත් සම්මාන එකේත්ය. අතේ මුදල් නොගැවසුන ඒ කාලේ පොතක් ගන්නවා කියන්නේම හෙන ගේමකි. වැඩි හරියක් කලේ සරසවියේ මා කැමතිම පොත් අතගා ඒමය. ඒ පොත්වල සුවද අදටද මට දැනෙයි. ඒ කියැවීමේ පුරුද්ද නැතිවූයේ කවදාදැයි මට සිතාගත නොහැක.

ලෝකෙ නැති බොරු කියමින් හකු රිදෙන තුරු සිනාසී කාලය ගත කර අක්කාගේ නිවසින් පිටවූයේ සවස 5 ට පමණය. එන ගමන් සරසවිය අසලින් බයිසිකලය නවත්වා එයට ගොඩවූ විටම මට දුටු දෙයින් ඇස් අදහා ගත නොහැකි විය. සරසවිය පිරෙන්නට තිබූ පොත්පත් වෙනුවට එහි රාක්ක වල තිබුනේ පාසැල් උපකරණ, ලිපිද්‍රව්‍ය, සුභ පැතුම් පත්ය. මාව කරකවා අතඇරියාක්මෙන් විය. පසුව සිහිවූයේ මා බයිසිකලය නැවැත්වූ තැනට අනෙක් පසින් නව සරසවි ගොඩනැගිල්ලක් තිබූ බවය. පසුව හිත හදාගෙන එයට ගොඩවූ පසු එහි හාත්පස තිබුනේ ඉංගී‍්‍රසි පොතපතය. සිහින ලෝකයක් එකවර දෙපතුල ළඟ කඩාවැටුන කලෙක දැනෙන හැඟීමක් මට දැනෙන්නට විය. මා හිස් අතින්ම ආපසු හැරුනේය. ඇතැම්විට එහි කොහේ හෝ සිංහල පොතපත තියෙන තැනක් තිබෙනවා විය හැක. නමුත් මා එය සොයන්නට නොගියේය. ඒ, මා සෙවූයේ අතීතයේ තිබූ සරසවියම වන නිසා විය යුතුය. අවසානයේ නුගේගොඩ නගරය පමණක් නොව එහි අතීතයද බොහෝ වෙනස්වී ඇති බව පමණක් තේරුම් ගෙන නැවත බයිසිකලයට නැංගේය.

අප අතීතයට, අතීතයේ සුන්දර මතක සැමරුම් වලට අතිශය ලෙස ආදරය කරමු. හැකි සෑම විටම අප උත්සහ කරන්නේ ඒ සුන්දරවූ අතීතයේ දිනවල ඇවිද යන්නටය. ඒ සුවඳ විදින්නටය. අප විශ්වාස කරනුයේ ඒ අතීතය ඒ ආකාරයෙන්ම නොනැසී තවමත් ඒ ආකාරයෙන්ම අප වෙනුවෙන් බලා හිදිනබවය. නමුත් එය එසේ නොවෙන්නේ සිහිනයට වඩා බොහෝ ළඟින් සැබෑ ලෝකය පවතින නිසාවෙනි. එක් මොහොතකට හෝ ඒ අතීතයේ දිනකට ගොස් අතීතයේ අහුමුළු තුළ ඉපැරණි දෑ සෙවූවද ඒවා වර්තමානයේ පවතින්නේ අපව කඩාවට්ටන තරම් වෙනස්කම් සහිතව බව දකින්නට සිදුවීම වෙනස්කල නොහැකි සත්‍යයකි.


- නිරෝෂ් මෛති‍්‍ර -
2013 ඔක්තෝම්බර් 17






Sunday, October 6, 2013

වළලන කවි



වැසීගිය සද
ලියූ ක
වි පද
නොපෙ
නී
ගි
දාක
වළ
දාමි,
අප ඇවි

ගි
මඟ
එකි
න් 
...


- නිරෝෂ් මෛති‍්‍ර -
2013/10/07



Monday, September 23, 2013

දෙවැනි පෙම්වතෙකුවී ඉපිද..



පැහැබර දිනයක
අරුණළු අරගෙන
ඔබ එන මඟ
නෙත් විදහා සිටියත්
ඔබ එන්නේ
ඔහු සමගින්දැයි සිත
විදවනවා
අපමණ දුක්
දහසක්...


නද දෙන හැමවිට
හා කෙටි පණිවිඩ
ඔහුගෙන් දැයි
විදවන්නේ
තුන්හිත...


ඉඩලද හැමවිට
ඔබදෙස බලමින්
තුන්හිත උතුරණ
ආදර හැඟුමන්
දිනයක අවසන
සැන්දෑ යාමෙක
ඔබ එනතුරු ඔහු
වැඩපල අභියස...



- නිරෝෂ් මෛති‍්‍ර -
2013/09/23


Monday, September 16, 2013

ඔබෙයි මගෙයි තීරණය

ඔබ 

තීරණය කරලා 


ජීවත් වෙන්න


මම නැතුව...


මමත් 


තීරණය කලා 


ජීවත් වෙන්න 


මම නැතුව..



- නිරෝෂ් මෛති‍්‍ර -
2013-09-16


Saturday, September 14, 2013

ලේ



නරක්
නොකරන්නැයි
ඉල්ලුවා
ඔබේ ලේ,
මම ඔබේ ලේ
වන නිසාම..
නරක් කරන්නට හෝ
නොකරන්නට
මම තවමත්
ඔබේ
ලේ ද?
 


- නිරෝෂ් මෛති‍්‍ර -
2013-09-14



Tuesday, September 3, 2013

(අ)කැමතිම ගීතය



ඔයා 

ආසම

ගයන්න

අකමැති

ගීතය

මම... 


 නිරෝෂ් මෛති‍්‍ර 
- 2013/09/03 -


 

Sample text

Sample Text