Social Icons

Friday, January 17, 2014

උගත් පෙම්වතියට අමතකවූ ව්‍යාධිගත රෝගය



      මොනවාම හරි ලියනවා වෙනුවට ලියන්නට උනන්දුව ඇති කරන සිදුවීමක් පහුගිය දවස්වල සිද්ධ උනා. ඒ තවත් බ්ලොග් එකක නිර්නාමිකව මම ගැන තියෙනවා දැකලා. ඒක බලපු වෙලේ ඉදන් මම බඩ අල්ලන් හිනා උනා මදිවට මේ වගේ චරිතත් මේ ලෝකෙ ඉන්නවා නේද කියලා මාර ආතල් එකක් ආවෙ. කොහොම උනත් ඒ චරිතෙ එදා ඉදන් අද වෙනකන් මට ගෙනත් දුන්නෙ පුදුමාකාර විකාර ලෝකයක්. ඒ ලෝකෙ මම හිර නොවීම ගැන දැන් ඇතිවෙන්නෙ කියලා නිමකරන්න බැරි සතුටක්.
මේ ලියමන කියවන බොහෝ අයට එය තේරුම්ගැනීම අපහසුවනු නියතය. මන්ද එය පෞද්ගලික චරිත හා සිද්ධි කිහිපයක් වටා ලිවීමට බලාපොරොත්තුවන බැවිනි. වෙන අර්ථයකින් කියනවානම් මෙය හුදෙක් මගේ හිතසුව පිණිසම පමණක් ලිවීමට බලාපොරොත්තුවන ලියමනකි. එබැවින් මා පෙර ලිවූ මගේ උගත් පෙම්වතී ලියමන මෙන් බොහෝ අයට මෙය නොතේරෙනු ඇත. නමුත් කරන්නට දෙයක් නැතිය. මෙය නොලියාද බැරිය.
මනෝවිශ්ලේෂණ අර්ථකථනයන්ට අනුව ‛ස්ත්‍රිය’ යනුවෙන් කෙනෙක් භාෂා ලෝකයේ හැඟවුම්කාරකයක් ලෙස නොපවතියි. එම අදහස ඉතාම රැඩිකල් අදහසකි. ස්ත්‍රීවාදයේ මූලික අත්වැරදීම මනෝවිශ්ලේෂණයට අනුව නිර්වචනය කරන්නේ නම් එය මෙසේය. ස්ත්‍රිය තමා ස්වාධීන, ස්වායත්ත මනුෂ්‍යයෙක් බව වටහා ගන්නේ ඇයට පුරුෂ සංකේත ලෝකය තුළ “සාරයක්” (ESSENCE) නැති බව අවබෝධ කර ගැනීම තුළය. යම් ස්ත්‍රියක් තමන්ට සාරයක් ඇතැයි සිතා ෆැන්ටාස්මති පුරුෂයකු හෝ උතෝපියානු පුරුෂාධිපත්‍යයක් විචාරය කරන්නේ නම් ඇය ස්ත්‍රියක් නොව හිස්ටෙරිකයෙකි. හිස්ටෙරික ප්‍රශ්නය මෙසේ සාරාංශගත කළ හැක. ‛ඔබ කියන කෙනා බවට මම පත්විය යුත්තේ ඇයි?’
යම් කිසි ස්ති‍්‍රයක් පළමුවරට පුරුෂයෙක් සමග සම්බන්ධයක් පවත්වාගෙන යයි. එහිදී අනෙකුත් ආදර සම්බන්ධතාවලට පොදු කාරනා ඔවුන් වටාද භ‍්‍රමණය වෙයි. ඒ අනුව Love sms, රණ්ඩු සරුවල්, සිප වැළදගැනීම් යනාදී පොදු කාරනා ඔවුන් අතරද සිදුවෙයි. අවසනදී ලෝක ස්වභාවයට අනුව එම සබදතාවය බිදී යයි. ඉන් අනතුරුව අධ්‍යාපනික සුදුසුකම් වලින් පිරිපුන් දෙවනි පෙම්වතා කරළියට එයි. (දෙවනි පෙම්වතාගේ ගණනය කිරිම්වලට අනුව ඔහු කරලියට ආවේ මීට බොහෝ කලකට පෙරය :P ) පෙම්වතිය ඔහුට පෙම් කරන්නේ මුල් පෙම්වතාගේ නුගුන කියමිනි. ඇය ඔහුගේ නමවත් මතක් කිරීමට අකමැති වීමෙන් නොනැවතී දෙවනි පෙම්වතාගේ පැරණි පෙම්වතියගේ නමද මතක් කිරීමෙන් කිපීමට ලක්වෙයි. (අපි එය මනෝ ව්‍යාධිගත රෝගයක් ලෙස නොසලකා සාමාන්‍ය මිනිස් ස්වභාවය ලෙස නම් කරමු)  

පෙරසබදතාවය ගැන මනෝමූලික චිත‍්‍රයක් මුලසිටම ගොඩනගාගෙන සිටින නවක පෙම්වතා පෙර සබදතාවයේ ලිංගික කරුණු සම්බන්ධයෙන් ඇයගෙන් ප‍්‍රශ්න කරන තැනකට කෙමින් කෙමින් තල්ලුවෙයි. ප‍්‍රශ්න කිරීම අවසානයේ අත උස්සන තැනටද, පයින් පාගන තත්ත්වයටද පත්වන්නේ නව 'අයියා' 'ප*යා' කරවමිනි. ඒ මදිවට ඔහු පැරණි පෙම්වතා අමතාද ඔවුන්ගේ පෙම්පලහිලව්ව තුළ ඇතිවූ අතිශය පෞද්ගලික කාරණාගැන ප‍්‍රශ්න කරයි. (එම රෝගයට අප හිස්ටීරියාව යැයි නොකියමු). විවාහවීමට ඔන්න මෙන්නයි කියා තිබියදී එම සබදතාවයද කටුගා දමා නැවත කොළඹ එන පෙම්වතිය උදව් ගන්නේ ඉපැරණි, නමවත් මතක් කරනවාට අකමැතිවූ පෙම්වතාගෙනි. ඒ වන විට ඔහුද වසර එකහමාරක සබදතාවයක් පවත්වා එය බිදීගිය දුකෙන් පසුවන්නේ තවමත් ඇයට ආදරය කරමිනි. ඔහු දෙවන වරට පැවති පෙම් සබදතාවය ඉපැරණි පෙම්වතියගේ වත්මන් විශ්ලේෂණයට අනුව පර ස්ත‍්‍රියක් අරඹයා පැවති එකකි. එය ඇගේ වචනයෙන් මෙසේ පැහැදිළි කරගනිමු.

"කායක්‍ ‍මං‍ ‍තා ‍ගින්‍ ‍ආශ් ‍පු ‍කෙනෙක්‍‍ ‍ඩිලූශන්‍ රි ‍ලූශන්‍ රි ‍කි ‍නම්‍ පු ‍ලෙඩේ‍ මාරාන්‍‍ති ‍හැදි ‍තිබුනාදාවත්‍ ‍බා ‍ගන්‍‍ ‍බැරි ‍වෙනත්‍ ‍පුරුයෙකු ‍යිති ස්‍‍තිරියක්‍ ‍කෙරෙහි ‍ලෝ ‍කින්‍ ‍හු ‍දුක්‍ ‍වින්‍‍දා ‍විරක්‍ ‍නෙවෙයි ‍ ‍ගැ ලෝයා ‍පාරම්‍ ‍බෑවාමා ‍ජා ‍වෙබ්‍ ‍වි ‍ල boot status ‍දැම්‍‍මා.ටි ‍කායක්‍ ලන්‍ ඉන්‍‍කො ‍යි ‍ ‍තේරුනේ ප්රේයෙන්‍ මිනිස්‍‍සු ‍විදි ‍ශෘං‍‍ගා ‍මේ ‍හායා‍ විදින්‍‍නෙ ‍ ස්ත්රියක්‍ ‍වෙනුවෙන්‍ ‍මැවුනු ‍දාවත්‍ හැබෑ ‍නොවෙ ‍හීකින්‍ ‍කිලා. ප්රේ ‍ඩා ‍විවේ ‍හක්‍ තියෙ ‍ ‍හී ‍ ‍ ‍ඛේවායක්‍."

දැන් අපි නැවතත් මුල් කතාවට යමු...
නැවතත් කොළඹ පැමිණි ඉපැරණි පෙම්වතිය මුල් පෙම්වතාට මුලින් පවසන්නේ තමන් කොළඹ රැකියාවට පැමිණියේ ඉතාමත් අසීරුවෙන් 'අයියා' නැමති පෙම්වතා කැමති කරවාගෙන බවයි. නමුත් ඇය නිතර දෙවේලේ දුරකථන ඇමතුම් ගන්නා බැවින් මුල් පෙම්වතා අසනුයේ තමන්ට මෙසේ අමතන බව 'අයියා' නම් පෙම්වතා දන්නවාද යන්නයි. ඒ අවස්ථාවේ දෙලොව රත්වෙන පිළිතුරක් දෙමින් ඇය පවසන්නේ එම ආදරය කටුගා දමා කොළඹ පැමිණි බවයි. පසුව ඇය මුණ ගැසුන අවස්ථාවක පසුගිය තිත්ත අතීතය වමාරන ඇය තමන්ට ඇතිවූ තාඩන පීඩනයන්, රැවුම් ගෙරවුම්, අතපය විසිකිරීම් පිළිබදව දීර්ඝ පාපොච්චාරණයක් කරයි. ඇය හඩමින් පවසන්නේ තමන් මුල්පෙම්වතාට කල පවු වලට රිටර්න් එක තමන්ට ලැබුන බවයි. නමුත් මුල් පෙම්වතා ඇයව සනසමින් තමන්ද සබදතාවයේදී කල දහසක් වැරදි සිහිපත් කරමින් එය ඇගේ වරදක් පමණක් නොවන බව පවසා වැඩිගොඩ තමන් සතුකර ගනියි.

කාලය දින එක දෙක ගෙවී යනවිට පැරණි පෙම්වතියගේ වෙනස්කම් එකින් එක මතුවන්නට ගනියි. ඇය ගෙදර තිබූ දානයක බත් එකක් අමාරුවෙන් පොදි බැදගෙන පැරණි පෙම්වතා බලන්නට කාර්යාලය අසලට එයි. පැරණි පෙම්වතා එයට කිපෙයි. මග දිගට ඇය කුඩය ඔහුට අල්ලයි. ඔහුට මල පනියි. ඇය ස්වයංකී‍්‍රයව නැවතත් පැරණි පෙම්වතියගේ තත්ත්වයෙන් මිදී පෙම්වතියම වීමට සැරසෙන බවක් පෙනෙයි.
දිනක් ඔහු මුණගැසුන පැරණි පෙම්වතිය අසන්නේ අපට සියල්ල අමතක කර පෙර පරිදි සිටිය නොහැකිද යන්නයි. මෙය තවත් දුරදිය යාවියැයි සිතූ ඉපැරණි පෙම්වතා පවසන්නේ තමන් තවමත් ආදරය කරනුයේ ඇයට පසුව මුණ ගැසුන කෙනාට බවත් ඇය හිමිවූවත් නැතත් එහි වෙනසක් නොවන බවත් ඇයගෙන් තොර වෙන කෙනෙකුන් ගැන සිතීමට ඔහුට අපහසු බවත්ය. මෙවැනි පිළිතුරක් කිසිසේත් බලාපොරොත්තු නොවූ මුල් පෙම්වතියගේ නෙතඟ පිරෙන්නේ කදුලකි. නමුත් ඇයගේ අතීත කි‍්‍රයාකලාපය ගැන බරපතල විවේචනයක සිටින පැරණි පෙම්වතා උදව් කිරීමකින් එහා ආදර සබදතාවයකට යාමට සූදානම් නොවුනේ නැවතත් සිදුවන දෙය සක්සුදක්සේ දැනසිටිය නිසාය. ඇයගේ Facebook පිටුවෙහි පලවෙන Status තුළින් ඇයගේ මනෝභාවයන් ලෝකයාට ප‍්‍රදර්ශනය කළාය. ඇය අමතන ලද මුල් පෙම්වතා කීවේ මෙවැනි විකාර පලකර ලෝකයට සිනාසීමට අවස්ථාවක් නොදෙන ලෙසයි. (වත්මන් විශ්ලේෂණයට අනුව ඇයට අතීතයේ අත්‍යාවශ්‍යම කොටස් අමතකවී ගොස් ඇති සෙයකි. ඒ අනුව ඇයගේ Status පල කිරීම් අමතකවී මුල්පෙම්වතා පමණක් ව්‍යාධිගත තත්ත්වයක පිහිටා Status දමා ඇත)
ඉන් පසුව දිනෙක නැවතත් ඇය ඔහුට විද්යුත් තැපෑලයෙන් ලිපියක් එවයි. එය මේ ආකාරයක් ගනියි.

මට ආදරේද හ්ම්...???? එක පාරක් කියන්න ඔව් කියලා. මට මුලු ජීවිත කාලෙටම ඒ ටික ඇති. මං දන්නවා එහෙම ඔයාගෙන් අහන එක සාධාරන නෑ කියලා. ඒත් මං ආසයි තාමත් ඔයාගෙ සුවදට. මං සෑහෙන්න දුර ගිහින් ආයෙමත් ඔයාගෙ ජීවිතේ විනශ කරන්න ඇවිත් ඉන්නව කියල හිතන්න එපා. මං හරි නරක කෙනෙක් කියල හිතල මට එක පාරක් සමාව දෙන්න කියල කියන්නවත් මං වටින්නෙ නෑ කියල මං දන්නවා. ඒත් ආයෙත් පරන දවස් වල මතක වලින් මගෙ හිත ආයෙ හුස්ම ගන්න හදන බව මට තේරෙනවා. ඔයා ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියල ඔයාම කියද්දි මන් ආයෙත් බලාපොරොත්තු ඇති කරගන්න හදනවා. ඔයා දැන් මට නෙවෙයි ආදරේ වෙන කෙනෙක්ට කියල දැන දැනත්. මං මේ කියන කතා බොලදයි තමයි.ඒත් කවුරු හරි ඇහුවොත් මගේ ජීවිතේ තියෙන්නෙ කොතනද කියලා මං කියනවා beach එකේ අපි හිටපු තැන එතන තමයි මගෙ ජීවිතේ තියෙන්නෙ කියලා බොලදයි නේද? ඔයා හිනා වෙනවා නේද? ඒත් මං මොනා කියල කරන්නද. අතීතෙ අමතක කරල දාන්න මට ඕනෙ. අලුත් ජීවිතයක් පටන් ගන්න මට ඕනෙ ඒත් මං දන්නවා දැන් ඉතින් කවදාවත් මට එහෙම බෑ කියල.
මං තවමත් ඔයාට ආදරේ බව කිව්වත් ඔයා පිලිගන්නැති බවත් මං දන්නවා. මගේ ජීවිතේ ලැබීම් මෙච්චරයි මෙතනින් එහාට තියෙන්නෙ නොලැබීම් විතරයි කියල කොච්චර හිත හදාගන්න හැදුවත් මට බෑ. මුලු ජීවිත කාලෙම මට ඔයා නොලැබුනත් මං ජීවත් වෙනවා එහෙම බලාපොරොත්තුවක් වෙනුවෙන්...."

මුල් පෙම්වතා එයට පිළිතුරක් නොලියන අතර ඇය හමුවූ විටෙක නැවත වරක් පවසන්නේ ආයෙමත් ආදරෙන් සිටින්නට හැකියාවක් ඇත්නම් ඒ ඔහුට හමුවූ දෙවන පෙම්වතිය සමගින් පමණක් වන බවයි. ඒ අනුව දෙවන වරද බඩු මුට්ටු අස්පස් කරගත් ඇය ගම රට බලා පිටත්ව යයි. ඉන් දින කිහිපයකට පසුව ආරංචි වන්නේ ඇය පෙර කී දෙවන පෙම්වතා වන 'අයියා' සමග නැවත වරක් පෙමින් වෙලී විවාහයට දින ගණිනා බවයි.

දැන් අප එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ අද්විතීය නිර්මාණයක් වන 'මනමේ' නාටකයේ එන මේ පැදිපෙල කියවා බලමු.

මනමේ රජු ඔබ - ගෙල සිදලන්ටා
කඩුව ඉල්ලු සඳ - ඔහු වලකන්ටා
කළ තැත දුටුවද - ඔබ ගලවන්ටා
සිතුණෙ කඩුව ඔබ - අතටම දෙන්ටා

මෙම පෙම් පුවතේ එන පෙම්වතිය නිතැතින්ම සිහිගන්වන්නේ මනමේ කතාවේ එන මනමේ කුමරියගේ චරිතයයි. සටනින් මනමේ කුමරු මියගිය පසුව අසරණ වන මනමේ කුමරිය සරණක් නොමැති බව දැනගෙන වැදි රජුට පවසන්නේ තමන් කඩුව ගත්තේ වැදි රජුට දීමට මිස මනමේ කුමරුට දීමට නොවන බවයි. ඇයට අවශ්‍ය වන්නේ සරණකි. එතනින් නොනැවතුන ඇය වත්මන් පෙම්වතාගේ විශ්වාසය දිනාගැනීමට නොයෙකුත් දේ පවසයි. ඇයට වරදින්නේද එතැනමය. 
දෙවන පෙම්වතා මුණ ගැසුන පෙම්වතිය ඔහුගේ විශ්වාසය දිනාගැනීමට මුල් පෙම්වතා පතුරු ගැසුවේය. (වරෙක එම ගැසූ 'පතුරු කොටස්' දෙවන පෙම්වතා මුල් පෙම්වතාට පෙන්වූයේය) නැවත දෙවන පෙම බිදී මුල් පෙම්වතා ළඟට එන පෙම්වතී දෙවන පෙම්වතාගේ නුගුණ කීවේ මුල් පෙම්වතාව දිනාගැනීමටය. ඇය දෙවන වරටත් දෙවන පෙම්වතාගේ තුරුළේ හිදිමින් මුල් පෙම්වතාව පතුරු ගැසුවොත් එය පුදුමයට කාරනයක් නොවන්නේය. ඒ අනුව ඇය කි‍්‍රයා කලේ ඓතිහාසිකව එන ස්ත‍්‍රී චරිතයට අදාල රංගනය මිස වෙන අන් යමක් නොවන්නේය.
මුල් පෙම්වතා සම්බන්ධයෙන් ඉහතින් සදහන් ඇයගේ නිගමනයක් මෙසේය.

"ක‍ව‍දා‍වත්‍ ‍ල‍බා ‍ගන්‍‍න ‍බැ‍රි ‍වෙ‍නත්‍ ‍පු‍රු‍ශ‍යෙ‍කු‍ට ‍අ‍යි‍ති ස්‍‍ති‍රි‍යක්‍ ‍කෙ‍රෙ‍හි ‍ලෝ‍භ ‍ක‍ම‍කින්‍ ‍ඔ‍හු ‍දුක්‍ වින්‍‍දා ‍වි‍ත‍රක්‍ නෙ‍වෙ‍යි ‍ඒ ‍ගැ‍න ‍ලෝ‍ක‍යා‍ට ‍පා‍රම්‍ බෑ‍වා. ප්‍රේ‍ම‍යෙන්‍ මි‍නිස්‍‍සු ‍වි‍දි‍න ‍ශෘං‍‍ගා‍ර‍ය ‍මේ ‍හා‍ද‍යා‍ වි‍දින්‍‍නෙ ‍ප‍ර ස්‍ත්‍රි‍යක්‍ ‍වෙ‍නු‍වෙන්‍ මැ‍වු‍නු ‍ක‍ව‍දා‍වත්‍ හැ‍බෑ ‍නො‍වෙ‍න ‍හී‍න‍ය‍කින්‍. ප්‍රේ‍ම‍ය‍ට ‍ව‍ඩා ‍වි‍ර‍හ‍වේ ‍ර‍හක්‍ ති‍යෙ‍න ‍බ‍ව ‍ඇ‍ද‍හී‍ම ‍එ‍ක ‍අ‍ත‍ක‍ට ‍ඛේ‍ද‍වා‍ච‍ක‍යක්‍."

එසේම ඇය එවනා ලද ඊමේල් ලිපිය අවසන් කරන්නේ මෙසේය.

"මගේ ජීවිතේ ලැබීම් මෙච්චරයි. මෙතනින් එහාට තියෙන්නෙ නොලැබීම් විතරයි කියල කොච්චර හිත හදාගන්න හැදුවත් මට බෑ. මුලු ජීවිත කාලෙම මට ඔයා නොලැබුනත් මං ජීවත් වෙනවා එහෙම බලාපොරොත්තුවක් වෙනුවෙන්...."

ඇයටම අනුව ඇය විරහවේ රහ වෙනුවෙන් ජීවිත කාලයම විදවීමට සූදානම් උදාර කාන්තාවකි. නමුත් ඒ අතීතයේය. දැන් ඈ අලුතෙන් පොතක් කියවා ෆැන්ටසියක් සාදාගෙන එයට සමාරෝපනය වී ඇත. එයට අනුව ඇය නව චරිතයකට කිදාබැස අන් අයගේ ව්‍යාධිගත රෝග දෙස බලන්නේ සානුකම්පිතවය. නමුත් සැබෑ ලෝකයට අනුව ඇය ඩි‍ලූ‍ශන්‍ ‍හ‍රි ‍ඉ‍ලූ‍ශන්‍ ‍හ‍රි ‍කි‍ය‍ල ‍න‍මක්‍ ‍දා‍පු ‍රෝගය පිළිබදව කප් ගැසූ රෝගියෙකි. තව අර්ථයකින් කියනවානම් ඇය නරුමවාදයට කදිම උදාහරණයකි. එනම් තමන් විසින් ගොඩනගාගන්නා ෆැන්ටසිය වෙනුවට තමන් යටත් කරගන්නා ලද බලවේගයට විවේචන ඉදිරිපත් කිරීමට ඇය නොපැකිලෙයි. නමුත් සැබෑව නම් තමන් තුළ තිබෙන ෆැන්ටසිය බාහිරට ප‍්‍රකාශකරන්නට නොහැකි නිසාවෙන් මවාගත් දුෂ්ඨ බලවේගයක් විෂය (Subject) ලෙස ගෙන එයට පහර දීමය. 
ඇයගේ විනෝදය කුඩු පට්ටම්වීම ගැන ඇය සිටින්නේ ද්වේශයෙනි. ඒ පළමු පෙම්වතා සමගින් පමණක් නොව, ඔහුට දෙවනියට ළංවූ පෙම්වතිය කරාද පැතිරී ගිය එකක් බව ඇයගේ ලියවිල්ලෙන් පැහැදිලිය. මන්ද ඇයගේ විනෝදයට බෝම්බ දැමූ පළමු පෙම්වතාගේ මානසික ව්‍යාධිය යැයි ඇය කල්පනා කරන්නේ දෙවනි පෙම්වතිය බැවිනි. 
අවසානයේ ඇයට අවශ්‍යදේ සිදුනොවුනි. සරණට සිටියේ අතපය ඉස්සුවද 'අයියා' නම් පෙම්වතාය. නැවතත් මුල් හිස්ටෙරික ප්‍රශ්නය අසනාවානම්,
ඔබ කියන කෙනා බවට මම පත්විය යුත්තේ ඇයි ?'
තවත් පොතක් කියවා තමන්ට හිමි ලෙඬේ සොයාගන්නැයි අපි ආරාධනා කරමු...



- නිරෝෂ් මෛති‍්‍ර -
2014/01/16


No comments:

Post a Comment

 

Sample text

Sample Text