Social Icons

Tuesday, May 8, 2012

බයයි - බදින්න වෙන ගෑණි ගැන


ඉරේෂා call කලාද?
- ඔය ගත්තෙ දැන් ටිකකට කලින්..
 මොකද බං ඕනවට එපාවට වගේ ?
- අනේ බං දැන් කතා කලත් එකයි, නැතත් එකයි..
ඇයි ඒ ?
- ඒකි නොගත්තොත් චතුරි ගන්නවා, දෙන්නම නොගත්තොත් නිකං ඉන්නවා..
උඹ මාර පොරක්නෙ !
- මාර තමයි බං. මොකා එක්ක හිටියත් ඉස්සර වගේ Love Feelings දැන් එන්නෑ බං.
ඇයි ඒ ?
- බොක්කෙන්ම Love කරපු එකී දාලා ගියාට පස්සෙ දකින දකින කොයි වත්තට හරි පැනලා උලා කෑවා මිසක්, සිරා වෙන්න හිතෙන්නෙම නෑ බං.

හ්ම්..
- ඒත් මට බයයි බං..
ඒ මොකෝ ?
- මෙහෙම තිරිසන් වෙලා ආයෙ මොකෙක් ගැනවත් ඇත්තට ආදරයක් නොදැනෙයි කියලා..
ආ.. දැන් ඒකද උඹට තියෙන බය ?
- බය මං ගැන නෙවෙයි මචං..
එහෙනම් ?
- මම හොයාගත්තෙ නැතත් ගෙදරින් හරි හොයලා බන්දලා දෙන ගෑණි ගැන..



- නිරෝෂ් මෛති‍්‍ර -
    2012/05/08 



2 comments:

  1. ගෙදරින් හරි හොයලා බන්දලා දෙන ගෑණි ගැන ...... හුග දෙනෙකුට ඔය බය තියෙනව බං ..... ඩී
    සිරාවටම ද කිව්වේ ඈ !

    ReplyDelete
  2. නැතුව නැතුව.....ඩී

    ReplyDelete

 

Sample text

Sample Text